UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමස්ත ලෝකවාසී බොදු ජනතාවට ඓතිහාසික හා ආගමික වශයෙන් වැදගත් දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. එම උත්තරීතර දිනය ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන් අනුස්මරණය කිරීමට හැකිවීම අප ලද මහත් භාග්‍යයක් සේ සැලකිය යුතු ය. මෙවර වෙසක් දිනය 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය ලෙස සැමරීමට හැකිවීම අප ලද භාග්‍යයකි.

ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය මනුෂ්‍යයාගේ මෙලොව පරලොව දෙලොවම යහපත උදාකර දෙන අසිරිමත් මාර්ගයකි. ඒ අසිරිමත් දහමට අනුව මිනිසත් බවෙන් උපරිම ඵල නෙළා ගනිමින් මෙලොවත් පරලොවත් ජීවිත සුඛිත මුදිත කර ගැනීම අප සැමගේ වගකීමකි.


බන්දුල තිලකසිරි මහතා ආගමික උත්සවයක දී

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් රට පුරා සමෘද්ධි බැංකු 1043 ක ජාලයක් ක්‍රියාත්මක වන බව ඔබ දන්නා කරුණකි. එමගින් විශේෂයෙන් බලාපොරොත්තු වනුයේ මේ රටේ දිළිඳු ජනතාවට මෙන්ම ආර්ථික වශයෙන් අඩු ආදායම්ලාභීන්ට සහන සැපයීම ය. එනම් දිළිඳුකම තුරන් කිරීමට උදවු වීමය. ඒ සඳහා එදාටත් වඩා අද ඉතා අඩු පොලී මුදලකට ජනතාවට මුදල් සහ සේවාවන් ලබා දීමටය. එදා පැවැති දිළිඳුකම බොහෝ දුරට තුරන් වී ඒ පිරිස වර්තමානය වන විට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පිරිසක් බවට පත් ව ඇති බව ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ජීවන මට්ටම උසස්වීම සමඟ පෙනී යයි. 1994 දී පැවැති 30% ක් පමණ වූ පොලී අනුපාතය අද වන විට 08% ක දක්වා අඩු කර ඇත.ඊට සමගාමීව රටේ දිළිඳුකමද අද 8% ට වඩා අඩුවී තිබීම ගැන අපට ද සතුටු විය හැකිය.

ජනතාවගේ දිළිඳුකම තුරන් කොට ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අරමුණ යි. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩ පිළිවෙළ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ හා මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය ක්‍රියාත්මක වේ. ඒ යටතේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය දැනට ප්‍රධාන ලෙසම ක්‍රියාත්මක වනුයේ “දිවි නැඟුම” වැඩපිළිවෙළ සමගය. “දිවි නැඟුම” වැඩපිළිවෙළ යටතේ ගෙවතු වගාව හා ජනතාවගේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම ප්‍රදේශයේ පුද්ගලයෙක් ,පවුලක්, ගමක්, රටක් වශයෙන් ආර්ථික සංවර්ධනයට දායකවීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

දිවි නැඟුම වැඩපිළිවෙළ යටතේ මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට පුද්ගලයෙක්, පවුලක්, ගමක් ගොඩ නඟා රට ගොඩ නඟනවා යන අදහසෙන් යුතුව ක්‍රියා කෙර්. ඒ යටතේ මේ වන විටත් පවුල් මට්ටමෙන් සහ ගම් මට්ටමෙන් සොයා බලන විට ආර්ථික වශයෙන් ශක්තිමත් පිරිසක් බිහිවෙමින් සිටින බවට සාධක තිබේ. ඒ නිසා ඉදිරියට ද සමෘද්ධි වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැඩපිළිවෙළ හා මහින්ද චින්තන ඉදිරි දැක්ම සමඟ ඒකරාශී වී මේ රටේ ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමට ද දායකත්වය සැපයීම ප්‍රධාන කාර්යභාරය වනු ඇත.

මේ කටයුතු වලදී බෞද්ධ දර්ශනයේ මඟ පෙන්වීම උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳව විමසා බැලීම කාලෝචිත ය. අංගුත්තර නිකායේ ධම්මික වග්ගයේ සඳහන් වන ඉණ සූත්‍රය පිළිබඳව සිතා බලන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කොට ඇති පරිදි දිළිඳු බව දුකක් ලෙස සැලකේ. බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් ඒ දුක දුරු කරගත හැකි බවද පෙන්වා දී තිබේ. තමන් සතු ධනයක් නොමැති, දිළින්දකු ණය ගනී. එසේ ණය ගැනීමත් දුකක් ලෙස දහමේ සඳහන් කර තිබේ. එමෙන්ම තමන් සතු සම්පත් නොමැති දුප්පතා පොලිය පොරොන්දු වී ණය ලබාගෙන නිසි කලට පොලිය හෝ නොගෙවා හැරීම නිසා චෝදනාවන්ට ලක්වෙයි. එසේ චෝදනා ලැබීමද ඔහුට දුකකි. එමෙන්ම වස්තුව නැති දිළින්දා ලුහුබඳිනු ලබද්දීත් එය ආපසු නොගෙවයි නම් ඔහුට නීතියෙන් විවිධ දඬුවම් පවා විඳීමට සිදුවන බවද බුදු දහමේ පෙන්වා දෙයි. මෙසේ බලන විට දුප්පත්කම මෙන්ම ණය ගැනීමත්, පොලිය නොගෙවීමත්, ඒ පොලිය නොගෙවීම නිසා ලබන චෝදනාත් දුක් ගෙන දෙයි.

එමෙන්ම කුසල දහම්හි ශ්‍රද්ධාව නැත්නම්, හිරි ඔත්තප්ප නැතිනම්, වීර්යය නැත්නම්, ප්‍රඥාව නැත්නම් තමා සතු ගුණයක් නැති ගුණයෙන් නොපිරිණු දිළින්දෙකැයි ආර්යය විනයෙහි කියැවේ. තමා සතු ගුණ නැති දිළින්දා කුසල ධර්මවල ශ්‍රද්ධාව නැතිවීම හිරි ඔත්තප්ප, වීර්යය, ප්‍රඥාව නැතිවිට කයින්, වචනයෙන්, මනසින් දුසිරිත් කරයි. ඒ ඔහුගේ ණය ගැනීමයි. යම් තැනැත්තෙකුට ශ්‍රද්ධාව පිහිටියේ නම් හිරි ඔතප් ඇති ප්‍රඥා සීල සංවරයෙන් යුක්ත වෙයි නම් ඔහු සැපසේ ජීවත් වන බව ආර්ය විනයෙහි සඳහන් ය.

මුදල් නැති අයකු ආර්ථික වශයෙන් සවිමත්වීමට ණය පහසුකම් ආදිය නිසි අයුරින් ලබා ගනිමින් බුද්ධිමත්ව අරමුණකට අනුව අනාගතය පිළිබඳ යහපත් අවබෝධයකින් ක්‍රියා කරන්නේ නම් එය දුකක් නොවන බව වටහා ගත යුතු ය.

එසේ බුද්ධිමත්ව ක්‍රියා කරන විට මූලික අවශ්‍යතාව වන ගෘහයක්, කර්මාන්තයක්, ව්‍යාපාරයක් වැඩි දියුණු කර ගැනීමට සංවර්ධනය කර ගැනීමට මුදල් අවශ්‍ය වේ.

එසේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මුදල් සහනදායි වැඩ පිළිවෙළක් යටතේ එමෙන්ම සහනදායී පොලියක් යටතේ, විශේෂයෙන්ම රජයේ නිලධාරීන්ගේ දැනුවත් කිරීම් හා සහය සේවාවන් යටතේ ලබා ගන්නා විට ඒ මඟින් විශාල සහනයක් පුද්ගලයාට, පවුලට, ගමට රටට ලබාගත හැකි වේ. එසේ කටයුතු කිරීම දිවි නැඟුම වැඩපිළිවෙළ තුළින් ද දැකිය හැකිය. මේ වන විට රට පුරා ක්‍රියාත්මක වන සමෘද්ධි බැංකු ජාලය ලාභදායී මට්ටමට පැමිණ සහනදායී පොලී මුදලක් යටතේ දිළිඳු හා අඩු ආදායම්ලාභී ජනතාවගේ අවශ්‍යතා ඉටුකරනු ලබන්නේ මේ සඳහා දායකවීමේ අරමුණ ඇතිවය.

පවට බිය, බුද්ධිමත් මනුෂ්‍යයා, ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද දිළින්දකු නොවේ. දිළිඳුකම තුරන් කර ගැනීමට තිර අදිටනත් දැඩි උත්සාහයත්, වීර්යයත්, නුවණින් කැපවීමත් අත්‍යවශ්‍ය හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.වසර 30 ක් පැවති ත්‍රස්තවාදී අමිහිරි අත්දැකීම් අවසන්කොට දේශීය සංස්කෘතිය පෝෂණය කරමින් ආර්ථික සංවර්ධනය වෙත පියනැගීමට අවශ්‍ය නායකත්වය රටට පහළ වී ඇත.එම උදාර අරමුණ ඉටු කර ගැනීම පිළිබඳ දැඩි විශ්වාසයෙන් ක්‍රියා කිරීම සමාජ වගකීමක්ද වේ.මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දක්වන දායකත්වය පැසසිය යුතුය.

එසේ ක්‍රියා කරන විට ජය ගත යුතු සියලු ඉලක්ක පහසුවෙන් ජයගත හැකිවේ. එවිට අපේ මවුබිම ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්යවත් රටක් වනු නොඅනුමානය. ජීවිතයක් අඳුරෙන් ආලෝකයටත්, ආලෝකයෙන් ආලෝකයටත් ගමන් කළ යුතු ය. එවිට එබඳු ජීවිත පවුලට, ගමට, රටට ලොවට මහත් ආශිර්වාදයක් වේ. මෙවන් ඓතිහාසික දිනයකදී ඒ දිනය අනුස්මරණය කරමින් තම තමන්ගේ ජීවිතාලෝකය උදා කර ගැනීමට අප අදිටන් කර ගත යුතු ය.සමෘද්ධි බැංකු සංගම් ජාලය සයවන වසරටත් ‘බුදුසරණ’ ධර්මදානය පුණ්‍ය කර්මයට දායකවීම ජාතික අරමුණ ඉටු කර ගැනීමේ එක් පියවරක් ලෙස සැලකිය යුතු ය. ධර්මදානය උතුම්ම දානය වනවා පමණක් නොව අධ්‍යාත්මික දිළිඳුකම තුරන් කිරීම තුළින් සමෘද්ධිමත් ආර්ථිකයක් ළඟා කර ගැනීමේ ප්‍රධාන මඟ බවද අපගේ විශ්වාසයයි.මෙම කාර්ය සාර්ථක කර ගැනීමට කැප වන සැමට සුබ වෙසක් දිනයක් වේවායි පතමි.

වෙසක් පුර  පසළොස්වක පොහොය

වෙසක් පුර පසළොස්වක පොහොය මැයි මස 16 වන දා සඳුදා අපර භාග
07.43 ට ලබයි.
17 වන දා අඟහරුවාදා අපර භාග 04.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 24 වන දා අඟහරුවාදා ය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01

First Quarterපුර අටවක

ජූනි 09


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]