Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය සම්බුද්ධත්ව ජයන්තිය උත්සවශ්‍රීයෙන් සමරයි

වලානේ ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙනේ දී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමැරීමට විශේෂ ආගමික උත්සව රාශියක් සංවිධානය කර තිබේ. මේ මස 14 වන දා පිරිවෙන් භූමියේ පිහිටි ආනන්ද බෝධීන් වහන්සේ වටා ඉදිවන අට විසි බෝධි ඝරය විවෘත වන්නේ ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය සහ අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල, මහ නා හිමි හා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි හා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති තිනකෝන් කනසුත් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙනි. 14 වැනි දින සිට 18 වැනි දින දක්වා අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවක් පැවැත්වෙයි. 15 වන දා භික්‍ෂූන් වහන්සේ සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ වඩින අතර වෙසක් පුන් පෝ දින විද්‍යාල පිරිවෙන් භූමියේ දී මහා ශීල සමාදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.

17 වැනි දින සිට 18 වැනි දින දක්වා සර්වඥ ධාතු ප්‍රදර්ශනය වලාන බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස දී පැවැත් වේ.

මැයි 19 වැනි දින පානදුර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 63 ක් සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන භක්ති ගීත අවසන් ගී සරණිය වලාන බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.