Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ගම් /දොරණෑගොඩ ශ්‍රී සුමතින්දාරාම විහාරස්ථ සදානන්ද පිරිවෙන සිය 120 වැනි සංවත්සරය සමරනුවස් මාර්තු මස 20 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදින ශතාධික සංඝගත දක්‍ෂිණාවක් පවත්වන ලදී. සදානන්ද පිරිවෙන් නිර්මාතෘ ගිරිදර ශ්‍රී රතනජෝති ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරාධිපතිත්වය පරිවෙණාධිපතිත්වයන්, කෘත්‍යාධිකාරිත්වයන් උසුලමින් වැඩ සිටි විහාර පරම්පරාවේ අපවත්වී වදාළ ස්වාමින් වහන්සේලාටත්, සතර පේරුවේ දායක දායිකාවනට පින් අනුමෝදන් කරනු වස් වත්මන් විහාරාධිපති ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය බර්ලින් නුවර සම්බෝධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත නාරම්පනාවේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම පුණ්‍යකර්මය සිදුකරන ලදී. විහාරස්ථදායක සභාවේ ප්‍රමුඛ දායිකාවක් විසින් වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වෙතඅටපිරිකර පූජාව සිදු කළ අවස්ථාව. බර්ටි ලයනල් උඩුගම්පොළ

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.