Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ මහ නගර සභාවෙන් සීල සමාදාන පින්කමක්

කොළඹ මහ නගර සභාව සහ නගර ශාලීය බෞද්ධ සංගමය මගින් පවත්වනු ලබන 2600 සම්බුද්ධත්ව ජයන්ති වෙසක් වැඩ සටහනට සමගාමීව මැයි මස 14 වන සෙනසුරාදා සීල භාවනා වැඩ සටහන පෙරවරු 7.00 විහාර මහා දේවි උද්‍යානයේ දී ආරම්භ වේ. පෙරවරු 7.00 සිට 8.15 සීල සමාදානය හා අනුශාසනාව ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නාහිමි 9 . 10 භාවනා වැඩ සටහන මෙහෙයවීම කොටපොල අමරකිත්ති හිමි, 10 – 11 ධර්ම දේශනය කුකුල්පනේ සුදස්සී හිමි, පස්වරු 12. 30 සිට පස්වරු 1. 30 දක්වා අසරණ සරණ සේවය කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස් තුමා හා නාගරික කොමසාරිස් තුමියගේ ප්‍රධානත්වයෙන් ද 1.30 – 3 ධර්ම දේශනය බොරැල්ලේ අතුල නාහිමි 3. 30 – 4. 30 ධර්ම දේශනය දෙහිපාගොඩ විජිතනන්ද හිමි, 4. 30 – 5. 30 ධර්ම දේශනය උඩුගල්මොටේ සිරිවිමල හිමියන් විසින් ද පවත්වනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.