Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ කථික තරග මැයි මස 07 වන දා

ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හතළිස් නවවන (49) වරටත් මිහින්තලයේ දී පවත්වනු ලබන අලෝක පූජාවට සමගාමීව ‘බුදුසරණ’ පුවත් පත අනුග්‍රහයෙන් පවත්වන කථික තරගය මැයි මස 07 වන දින මිහින්තලය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. බුදුසරණ පුවත් පත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ‘බුදුසරණ’ කථික තරගය පවත්වනු ලබයි.

උතුරු මැද පළාතේ දිනපතා හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගී විය හැකි මේ තරගය කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකකින් යුක්තය. මේ තරග ජයග්‍රාහකයන්ට ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් ඩී.ආර්. විජයවර්ධන අනුස්මරණ සම්මානය හා බුදුසරණ සම්මානය ප්‍රදානය කෙරේ. ජයගන්නා මුල් තිදෙනාට රු. 10, 000/-, රු. 7500/- හා රු. 5000/- බැගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් මුදල් ත්‍යාග ද පිරිනැමේ. සතරවන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රු. 1000/- බැගින් මුදල් ත්‍යාග හිමිවනු ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.