Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තල්පිටිය දළදාවත්ත මහා විහාරයේ පින්කම් මාලාවක්

වාද්දුව දළදාවත්ත මහා විහාරස්ථානයේ දී 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. එම පින්කම් අතර අසූහාර දහසක මහා පහන් පින්කමද තල්පිටිය ගම් ප්‍රදේශයේ බෞද්ධ නිවෙස්වල විශේෂයෙන් සකස් කළ සම්බුද්ධ ජයන්ති ධජයක් ප්‍රදර්ශනය කිරීම සඳහා බෙදා දෙන ලද අතර ප්‍රදේශයේ මන්සන්ධිවල සම්බුද්ධත්ව ජයන්තිය සමරා විශාල නාම පුවරු සවිකිරීමද ලේ දන්දීමේ පින්කම් මාලාවක්, පැවැත්වීමද අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස සීල සමාදානය හා අනතුරුව පොළොන්නරුව, තන්ත්‍රිමලේ, මිහින්තලේ ආදී පූජා භූමි වන්දනා කිරීම සඳහා උපාසක උපාසිකා 150 ක පමණ පිරිසක් තල්පිටියේ චන්දරතන හිමියන් විසින් කැඳවාගෙන ගොස් වන්දනා කරවන ලදී. මැයි මස 01 දින සිට 07 වන දා දක්වා ධර්මදේශනා මාලාවක් පැවැත්වීමද මැයි මස 08 වන දින සිට 14 වන දින දක්වා දිනපතා පස්වරු 06.00 සිට විශේෂ බෝධි පූජා සහ ගිලන් පස පෙරහර සහිත අටවිසි බුද්ධ පූජා පින්කම් මාලාවක් ද පැවැත්වේ. වෙසක් පුන් පොහෝ දා සම්බුද්ධ ජයන්ති විශේෂ පින්කම් මාලාවක් පැවැත් වේ. මැයි මස 01 වන දා සිට මැයි මස 31 වන දා දක්වා දිනපතා සවස 6 ට විදුලි ආලෝක පූජා සහිත ශබ්ද පූජා ද පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.