Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තිය සමරා විද්‍යාවාස පිරිවෙනේ දී දම් දෙසුම්

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මීරිගම, මිණීඔළුව, විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤාලේඛකාධිකාරී ශාස්ත්‍රපති, මකුලෑවේ විමල හිමියන්ගේ අනුශාසනා පරිදි ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ. ඒ අනුව මැයි මස 06 වන දින දවල් 2.00 ට ධර්ම දේශනාව ආරම්භ කර අනෙක් දිනවල සවස 06.30 ට සම්බුද්ධ පූජාව පවත්වා රාත්‍රී 07.00 ට ධර්ම දේශනාව ආරම්භ වේ. මැයි මස 06 වන සවස 02.00 ට උඩුදුම්බර කාශ්‍යප හිමියන්ද මැයි මස 07 වන දින ශාස්ත්‍රපති මක්කානිගොඩ අස්සජී නා හිමියන්ද, 08 වන දින මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියන්ද මැයි මස 09 වන දින ශාස්ත්‍රපති හාපිටිගම විජිත හිමියන්ද, මැයි මස 10 වන දින ශාස්ත්‍රපති වීරගොඩ සෝභිත හිමියන්ද මැයි මස 11 වන දින තල්ගමුවේ සුධීරානන්ද හිමියන්ද මැයි මස 12 වන දින මීතලාවේ විනීත හිමියන්ද මැයි මස 13 වන දින කඩවැද්දූවේ පේමරතන හිමියන්ද මැයි මස 14 වන දින දර්ශනපති අක්මීමන ධම්මපාල හිමියන්ද මැයි මස 15 දින ශාස්ත්‍රපති විටියල කවිධජ හිමියන් ද, මැයි මස 16 දින ශාස්ත්‍රපති පණ්ඩිත දොවඩුන්ගේ ඤාණවිමල හිමියන් ද මැයි මස 17 වන දින උඩුදුම්බර සෝභිත හිමියන්ද එම ධර්මදේශනා පවත්වති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.