Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලංකා බැංකුවෙන් පින්කම්

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ උපදෙස් පරිදි රට පුරා පිහිටා ඇති එම ලංකා බැංකු ශාඛා කාර්යාල මගින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි ප්‍රධාන පරමාර්ථය වනුයේ ලක්වැසි ජනතාවගේ අධ්‍යාත්මික ප්‍රවර්ධනය වැඩිදියුණු කරලීමයි.

ඒ යටතේ ලංකා බැංකුවේ දීප ව්‍යාප්ත පළාත් කාර්යාල 10ට ආවරණය වන පරිදි සීල සමාදාන පින්කම් ද සිදු කැරිණි.

වෙසක් පුන් පෝ දින ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සීල සමාදාන පින්කමක් පවත්වන අතර අන් පෝ දිනවල අනෙකුත් පළාත්වල ද කාර්ය මණ්ඩල සහ අවට පළාත්වාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙයට අමතරව වෙසක් බැති ගී සංදර්ශන, දහම් පොත් මුද්‍රණය කර නොමිලයේ බෙදා හැරීම. රට පුරා ගම්මාන 2600 ක ධර්ම දේශනා 2600 ක්, එම ගම්මානවලට බුද්ධ ප්‍රතිමාවහන්සේ 2600 ක් ප්‍රදානය කිරීමද සිදුවේ.

තවද වෙසක් සතිය තුළ කොටුවේ තරුණ බෞද්ධ සංගම් බුදු මැදුරේ දී ධර්ම දේශනා 05 ක් පැවැත්වීමටත් තෝරා ගත් දුෂ්කර දහම් පාසලකට සියලු අඩුපාඩු සම්පූර්ණ කරදීමත් යනාදී වැඩසටහන් රාශියක් ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමය විසින් සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.