Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම –
අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ අනුනායක ශාසනාවංසාලංකාර මංගල ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණක පුවක්වැටියේ ශ්‍රී සුගුණවංශ තිස්සාභිධාන නා හිමි.

වැඩ වසන පන්සල –
කඩවත පුවක්වැටියේ ශ්‍රී සුනේත්‍රාරාම මූල මහා විහාරය.

උපන් දිනය –
1930 මාර්තු මස 13 වන දා.

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියන්
දෙදෙනෙක් පමණි.

ගිහි නම –
ආර්.ඩී. තේමිස්

මූලික අධ්‍යාපනය –
කඩවත රෝමාණු කතෝලික පාසල
කඩවත මහා විද්‍යාලය.

උසස් අධ්‍යාපනය –
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන
1952 ප්‍රාචීන හා ප්‍රාරම්භය සමත් වීම.

පැවිදි වීම –
1946 නොවැම්බර් මස 05 වන දින

උපාධ්‍යයන් වහන්සේ -
ගිරිපොල ධම්මජෝති නා හිමි.

ආචාර්යයන් වහන්සේ -
හුන්දිරාපොල ශාසන වංශ තිස්ස නා හිමි.

උපසම්පදා දිනය –
1953 ජූලි මස 17 වන දින පෑලියගොඩ කල්‍යාණි නදී
උදකුක්ඛෙප සීමා මාලකයේ දී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
1946 කඩවත පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම
මූල මහා විහාරයේ විහාරාධිපති වීම.

සම්මාන –
2000 දී අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ “ශාසනාවංසාලංකාර මංගල ධර්ම කීර්තී ශ්‍රී
විචිත්‍ර භාණක” නාමයෙන් පිදුම් ලැබීම.

විදේශ ධර්ම දූත සේවය –
තායිලන්තය, ඉන්දියාව

තනතුරු -
2009 දී අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ අනුනායක පදවිය ලැබීම.

පාලනය කරන විහාරස්ථාන –
ගම්පහ මුදුන්ගොඩ ජය සුමනාරාම මහා විහාරය.
වැලිවේරිය ඇටිකෙහෙල්ගල්ල දක්‍ඛිණ පබ්බතාරාම විහාරය.

දහම් පාසල් - ශාසනවංශ දහම් පාසල ආරම්භ කිරීම හා ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

වෙනත් –
ග්‍රාම සේවා අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක, සුවරිත වර්ධන අන්‍යෝන්‍යාධාර සමිතියේ අනුශාසක, ශ්‍රී සුනේත්‍රා කුලඟන සමිතියේ අනුශාසක, කාන්තා අන්‍යෝන්‍යාධාර සමිතියේ අනූශාසක, ඉහළ බියන්විල උතුර සණස සමිතියේ අනුශාසක.

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.