Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් දා (24) රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ ශ්‍රී මහා බෝධි පුදබිමේ දී පසුදා භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් (500) විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පැවැත්විණි. එහිදී මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා මහා සංඝරත්නය වෙත දන් පිළිගැන්වූ අයුරු. පහළ ඡායාරෑපයෙන්ද අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් අනුරාධපුර සංඝ සභාව මගින් පිරිනැමූ “බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ශාසන බන්දු” පදක්කම ඇමැතිවරයා වෙත පිරිනැමූ අවස්ථාව. ඉහළ ඡායාරූපයේද වෙති – අමිල ප්‍රභාත් වනසිංහ

කැලණිය, බතලහේනවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථ ශ්‍රී සිද්ධාර්ථ ධර්ම විද්‍යාලයේ ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීම විහාරාධිපති නීල්දණ්ඩාහින්නේ පියසිරි හිමි සහ ශිෂ්‍ය නායක පදක්කම් හා නිල ඇඳුම් සඳහා අනුග්‍රහය දැක් වූ රසික පි‍්‍රයංකර මහතා අතින් සිදු කෙරුණි. ඉන් අනතුරුව ඔවුන් ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක නායිකාවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
ඡායාරූපය, කැලණිය සමූහ, එඩ්වඩ් වීරසිංහ

ඔබේසේකරපුර බෞද්ධ ළමා සමාජය මඟින් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෞද්ධ ළමා පෙරහර පැවැත් වූ අවස්ථාව.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.