Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

රාජගිරිය ගෝතමී උයනේ අභිනවයෙන් ඉදිකැරෙන ‘සදහම් සෙවණ’ මහා මණ්ඩල ජාත්‍යන්තර බෞද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රථම අදියර විවෘත කිරීම හා දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (22) සිදු කැරිණි. එහිදී ‘සදහම් සෙවණ’ ධර්මායතනය විවෘත කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළ අයුරු. එම අවස්ථාවට සහභාගි වූ අතුරලියේ රතන හිමියන් ඇතුළු මැති ඇමතිවරු ද මෙහි වෙති.
ඡායාරූප - සුදත් සිල්වා


සුනාමි ව්‍යසනයට හා භූමි කම්පාවට භාජනය වූ ජපන් රටට හා ජනතාවට ආරක්‍ෂාව පතා “අධිෂ්ඨාන පූජාවක්” කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ඉකුත් දා කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ බුද්ධ ප්‍රතිමාවහන්සේ අබියස දී පැවැත්විණි. එම “අධිෂ්ඨාන පූජාව“ ඇල්ලේ ගුණවංශ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරුණු අතර කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුරේන් අභයගුණසේකර මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගිවූහ.
ඡායාරූප – අසංක ජයවීර

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.