Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

කැලණිය ගෝනවල, පවිටිවිල 274/4, නැටදමුල්ල පාර පදිංචි, ඒ.එම්.ඒ.ඩී. නලින් කුමාර මව, බිරිඳ දරුවන් දෙදෙනා සමග ආර්ථිකමය වශයෙන් ඉතාමත් අපහසුතා මැද ජීවත් වූ බවත් ඒ අතර ඔහුගේ මෑණියන් හට පිළිකාවක් හට ගැනීම නිසා එම තත්ත්වය තවත් උග්‍ර වූ බවත් කියයි.

විශේෂඥ වෛද්‍ය ශ්‍යාම ගුණතිලක මහතා යටතේ බදුල්ල පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිතාර ලබන ඔහුගේ මවට ගර්භාෂය තුළ සහ පිටත පිළිකාවක් ඇති බවට වෛද්‍යවරු දන්වා ඇති බැවින් මේ වන විට ඒ සඳහා එන්නත් මගින් ප්‍රතිකාර කරන බවද ඒ සඳහා මේ වන විට රු. 75, 000/- පමණ මුදල් වැයවී ඇතැයි ද ඉදිරියේ දී ද මෙවැනි එන්නත් වරින් වර ලබාදීමට ද ඇති බව වෛද්‍යවරු ඔහුට දන්වා ඇතැයි කියයි.

මවගේ වැඩි දුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට මාර්තු මස 27, 28 දිනයන්හිදී ඇතුළත් කිරීමට වෛද්‍යතුමා නිර්දේශකර බවද එහිදී සිදුකරන ප්‍රතිකර්මය වන කිරණ මාර්ගයෙන් ගර්භාෂයේ ඇතුළත සහ පිටත ඇති පිළිකා පිළිස්සීම (Brachytherapy) සඳහා රු. 150, 450/- ක මුදලක් වැය වන බවද දන්වා සිටි බවද තවද ඉදිරියේ දී මෙවැනි ප්‍රතිකාර සිදුකිරීමට ඇති බව වෛද්‍යවරයා විසින් දන්වා ඇතැයි ද එම නිසා මේ සඳහා රු. 300, 000/- පමණ මුදලක් වැය විය හැකි බවද නලින් කුමාර කියයි. ඉහත සඳහන් (Brachytherapy) ප්‍රතිකර්ම සහ ඉදිරි ප්‍රතිකර්මය සඳහා මුදල් අපහසුතා ඇති බැවින් මේ සඳහා යම් සහයෝගයක් ලබා දෙන්නේ නම් දු.ක. අං. 077 9504951 ඒ.එම්.ඒ.ඩී.එන්. කුමාර ලංකා බැංකුව, ලේක්හවුස් ශාඛාව, කොළඹ ගිණුම්අංකය 5170062 වෙත බැර කළ හැකි බව කියයි.


වතුරකුඹුර, මුරුතලාව, අංක 07 නිවසෙහි පදිංචි 20 වියැති ඊ.ටී. ධනංජනී කුමාරි එදිරිසිංහ මහත්මිය වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 077 1120854, 0771596893, 071 9499944 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම රෝගියා ඉල්ලා සිටී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.