Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුල් ගල තැබීම 3 වන දා

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පොල්ගස්ඕවිට, හෙරලියාවල ශ්‍රී සුචරිමාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව දෙමහල් සංඝාවාස ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ දහම් පාසල් පුස්තකාලයට හා ධාතු මන්දිරයට මුල්ගල් තැබීමේ උත්සවය අප්‍රේල් 3 දින පෙරවරු 7.30 ට උත්සවාකාරයෙන් සිදු කෙරේ.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඒ.ජේ. කරුණාරත්න, හෝමාගම ප්‍රාදේශීය සභා හිටපු සභාපති රංග අබේසිංහ යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක් වෙති. විහාරාධිපති වෙඬරුවේ විජිත හිමියන්ගේ උපදෙස් පරිදි දායක සභාව, ශ්‍රී විශාඛා කුළඟන සමිතිය ශ්‍රී සුමනතිස්ස දහම් පාසල උත්සව කටයුතු සංවිධානය කරති. (පොල්ගස්ඕවිට සමූහ)


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.