Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දහම් පාසල් චිත්‍ර හා රචනා නිර්මාණ අගැයීමක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, සමස්ත ලංකා දහම් පාසල් සිසුන් සඳහා චිත්‍ර හා රචනා නිර්මාණ ඇගයීමක් කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ “දේශීය චිත්‍ර හා මූර්ති කලායතනය” පියවර ගෙන තිබේ.

චිත්‍ර නිර්මාණ ඇගයීම සඳහා “බුද්ධ චරිතයේ ඔබ සිත් ගත් සිදුවීමක්” දහම් පාසල් 1-5 ශ්‍රේණි ප්‍රාථමික අංශය, 6-9 ශ්‍රේණි කනිෂ්ඨ අංශය, 10 ද. පා. අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජ්‍යෙෂ්ඨ අංශය යන අංශ තුන සඳහා ම යථෝක්ත මාතෘකාවට අදාළව අඟල් 12 අඟල් 18 ප්‍රමාණයේ කඩදාසිවල කැමති පාට වර්ගයකින් තම චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

රචනා නිර්මාණ ඇගයීම සඳහා “බුදුරදුන්ගේ උපත ලොවට සැපයෙකි” දහම් පාසල් 1 – 5 ශ්‍රේණි ප්‍රාථමික අංශය, 6 – 9 ශ්‍රේණි කනිෂ්ඨ අංශය, 10 ද. පා. අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජ්‍යෙෂ්ඨ අංශය යන අංශ තුන සඳහා ම යථෝක්ත මාතෘකාවට අදාළව තම රචනා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. පුල්ස්කැප් කඩදාසි භාවිත කළ යුතු අතර තම අත් අකුරින්ම වචන 600 නොඅඩුව ලිිවිය යුතුයි.

ඔබගේ චිත්‍ර හා රචනා නිර්මාණ පසු පිට ඔබේ නම ලිපිනය ශ්‍රේණිය ලියා ඔබේ ම නිර්මාණයක් බවට දහම් පාසල් ප්‍රධානාචාර්යවරයා නිල මුද්‍රවා තබා සහතික කිරීම අනිවාර්ය වේ. චිත්‍ර හා රචනා නිර්මාණ විශේෂ විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කෙරෙන අතර ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත් ද සියලුම ඉදිරිපත් කිරීම් සඳහා කුසලතා සහතිකයක් ද ප්‍රදානය කරනු ලැබේ.

සියලු නිර්මාණ 2011 මැයි 31 දිනට පෙර “ලේකම්, චිත්තාභ්‍යාස ආයතනය, අංක 738/1, කැලණිය” යන ලිපිනයට එවිය යුතුය. මේ පිළිබඳ වැඩිමනත් විස්තර 0718426682/ 0714485496 යන දුරකථන ම¼ගින් දැන ගැනීමට හැකි බව ද උන්වහන්සේ පවසති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.