Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනභිරතී ජාතකය

එක් සමයෙක් හි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, එක් උපාසකයකු අරභයා මේ ජාතක කතාව වදාළ සේක. ඒ උපාසකයා වනාහී පරීක්ෂා කරන්නේ තමාගේ අඹුව දුක්සීල බව දැන කලහ කරමින්, වියවුල් සිත් ඇතිව සිටි බැවින් සත් අට දවසක් සව¢ඥයන් වහන්සේට උපස්ථානයට නොගියේය. “හත් අට දවසක් කුමක් නිසා නොපැමිණියේදැ” යි සව¢ඥයන් වහන්සේට නමස්කාර කිරීමට පැමිණි උපාසකයාගෙන් විමසීය. “ස්වාමීනි” මගේ භාර්යාව දුක්සීලය, පාපකර්මය, එසේ හෙයින් මම ඈ හා කලහ කොට වියවුල් සිත් ඇති බැවින් නොආයෙමි කීය. එබස් අසා සව¢ඥයන් වහන්සේ ඔහු හට වදාරන සේක් “උපාසකය, ස්ත්‍රීන් අනාචාර කළ කල්හි ඔවුන් කෙරෙහි කෝපයක් නොකොට මධ්‍යස්ථව විය යුත්තේය” යි පෙර භවයේදී ද තට නුවණින් කීවාහුය. තෝ ඒ වූ කලි භවයෙන් සැඟවුණු බැවින් ඒ කාරණය සලකා ගත නොහුණුයෙහි වේදැ” යි වදාළ සේක.

යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත රජු පාලන සමයෙහි අප බෝසතාණෝ දිසාපාමොක් ආචාරී වූහ. එම දිසාපාමොක් ආචාරීන්ගේ අන්තේවාසිකයා භාර්යාව දෝෂයක් දැක ව්‍යාකූල සිත් ඇතිව කීප දවසක් නොඅවුත් එක් දවසක් ආචාරීන් වෙත පැමිණ ඒ කාරණය කීයේය. එකල ආචාරීන් කියන්නේ “දරුව, ස්ත්‍රීහු නම් සව¢සාධාරයෝම නොවෙති. දුක්සීලයෝ විය හැක. එසේ වූ කල්හී නුවණ ඇත්තෝ කෝප නොකරන්නාහුය” යි කියා මහ බෝසතාණෝ ඔහුට අවවාද කර මෙසේ කිවූය. යම් සේ නොයෙක් ස්නාන තොට ඇත්තේ මුත් එහි නොනාන කෙනෙක් නැද්ද? එහි පැමිණෙන චණ්ඩාලීන්ටත්, ක්‍ෂත්‍රීයාදීන්ටත් සාධාරණ වේද? යම් මාවතක යන එන්නාවූ විවිධ වූ සියලු සත්ත්වයන්ට සාධාරණ වේද? ඒ මඟින් නොයන කෙනෙක් නැද්ද?

යම්සේ සුරාපාන මණ්ඩලය සියල්ලන්ට සාධාරණ වේද? යමෙක් සුරා මණ්ඩලයට නොයන කෙනෙක් නැද්ද? මහ මාවත පින් පැන් සලවල් තබා කරන ලද පින් පැන් මඩුවක් සියල්ලවුන්ට සාධාරණ වේද? එහි පැන් නොබොන එකෙක් නැද්ද? එපරිද්දෙන් මානවකය! මේ ලෝකයෙහි ස්ත්‍රීහුත් සියලු හීනෝත්කෘෂ්ට, සත්ත්වයන්ට සාධාරණයෝය. එසේ හෙයින් මේ ස්ත්‍රීන් නම් ලාමකයෝය. සමහර තැනැත්තියෝ අනාචාරයෝය. සමහරක් දුක්සීලයෝය.

සව¢සාධාරණ ය” යි සිතා තමන් බලවත් වූ බුද්ධි සම්පන්න බැවින් නොකිපෙන්නාහුය” යි මෙසේ මහබෝසතාණෝ අන්තේවාසිකයාට අවවාද කළාහුය. බෝධිසත්වයන් කී අවවාද අසා මධ්‍යස්ථව පැවැත්නේය.

වර්තමානයේදී උපාසකයාගේ භාර්යා තොමෝ සර්‍වඥයන් වහන්සේ විසින් මාගේ ගැන දැන දේශනා කරන ලද්දැ” යි එතැන් පටන් පාප කර්මයක් නො කළාය. ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ මෙම චතුස්සත්‍ය ධර්ම දේශනය කෙළවර උපාසකයා සෝවාන්ඵලෙහි පිහිටියේය. සව¢ඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මෙම අනභිරතී ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ස්ත්‍රී, පුරුෂ දෙදෙනා දැන් ස්ත්‍රී, පුරුෂ දෙදෙනාම ය. දිසාපාමොක් ආචාරිනී තිලෝගුරු සම්‍යක් සම්බුද්ධ වූ මම්ම වේ දැ” යි තමන් වහන්සේට දක්වා වදාළ සේක.

පන්සිය පනස් ජාතක කතා පුවත සරලව උපුටා දක්වන ලදී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.