Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


පැවිදි නම –
අමරපුර වජිරවංශ නිකායේ අනුනායක ධුරන්ධර විනය කීර්ති ශ්‍රී වජිරඤාණ වංශාලංකාර ශාස්ත්‍රවේදී නෙල්ලිවල විමලජෝති අනු නාහිමි.

වැඩ වසන පන්සල –
පෑලියගොඩ නිග්‍රෝධාරාම විහාරය

උපන් දිනය –
1923 සැප්තැම්බර් මස 14 වන දින

පියා -
ඇම්.ඇන්. ජයවර්ධන

මව -
ජයවර්ධන මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් පස් දෙනෙක් සහ සහෝදරියන් පස් දෙනෙක්.

ගිහි නම –
එඩ්වින් ජයවර්ධන

මූලික අධ්‍යාපනය –
බලංගොඩ ප්‍රදේශයේ නෙල්ලිවල විදුහල

උසස් අධ්‍යාපනය -
කොළඹ විද්‍යොදය පිරිවෙන, ප්‍රාචීන, ප්‍රාරම්භය, මධ්‍යම සමත්වීම.
1961 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම,
1965 දී සිංහල, පාලි, බෞද්ධ, සංස්කෘතිය පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම.

පැවිදි වීම –
1939 මාර්තු මස 02 වන දින
උපාධ්‍යයන් වහන්සේ ආචාර්යන් වහන්සේ
අමරපුර නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහානායක ඕපනායක ශ්‍රී විජයරාමාධිපති බිබිලේගම අභයතිස්ස නා හිමි.

උපසම්පදා දිනය –
1946 ජූලි මස 07 වන දින කැලණි ගඟේ උදකුක්ඛේප සීමා මාලකය.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
1980 දී රත්නපුර ප්‍රදේශයේ ඕපනායක විජයරාරාම විහාරයේ විහාරාධිපති වීම.
(1980 දී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව)
2004 සිට පැළියගොඩ නිග්‍රෝධාරාම විහාරයේ විහාරාධිපති වීම.

විදේශ ධර්ම දූත සේවය –
තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව, රුසියාව (භාවනා වැඩසටහන්)

පාලනය කරන විහාරස්ථාන -
වැලිගේපොල පතාන මැදගම ශ්‍රී ධර්ම විජයරාම විහාරය,
බලංගොඩ මත්සැන්නේ ශ්‍රී දේවගිරි විහාරය, රක්වානේ ගංගොඩ ශ්‍රී ධර්මාරාම විහාරය, ඇඹිලිපිටියේ හල්මිල්ලෑව සුදර්ශනාරාම විහාරය. ලගිනගල භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.
මෙම සියලුම විහාර වර්තමානය වන විට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට පවරා දී ඇත.

දහම් පාසල්-
වැලිගේපොළ පතාන මැදගම ශ්‍රී ධර්ම විජයාරාමය විහාරයේ දහම් පාසල ආරම්භ කිරීම බලංගොඩ මත්සැන්නේ ශ්‍රී දේවගිරි විහාරයේ දහම් පාසල ආරම්භ කිරීම,
රක්වානේ ගංගොඩ ශ්‍රී ධර්මාරාම විහාරයේ දහම් පාසල ආරම්භ කිරීම. ඇඹිලිපිටියේ හල්මැල්ලෑව සුදර්ශනාරාම විහාරයේ දහම් පාසල ආරම්භ කිරීම.

වෙනත් –
මිනුවන්ගොඩ විජයරාජ පිරිවෙනේ වසර 3 1/2 ආචාර්යවරයකු වශයෙන් කටයුතු කිරීම.
1965 සිට 1980 දක්වා ගාල්ල විද්‍යාරාජ පිරිවෙනේ ආචාර්යවරයකු වීම, උපගුරුවරයකු වශයෙන් කටයුතු කොට උප ප්‍රධානාචාර්ය වශයෙන් වසර 3 – 4 ක් සේවය කර එම පිරිවනේම පරිවේණාධිපති වීම.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.