Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2600 වන සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව පිළියන්දල, සුවාරපොල බුද්ධාලෝක මහා විහාරාධිපති අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ ඉදි කරණ ලද අටවිසි මුනි සෑ පුද බිමේ සමාධි ප්‍රතිමා වහන්සේ බුදු කුටිය සඳහා කම්කරු හා ප්‍රවර්ධන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී මුල්ගල් තබන ලදී. එම අවස්ථාවට සහභාගිවූ පිරිසෙන් කොටසක් මෙහි දැක්වේ. ඡායාරූප: ෂෙල්ටන් විදිසිංහ, පිළියන්දල විශේෂ

ඇඹිලිපිටිය සංඝාරාමයේ අභිනවයෙන් ඉදිකරණ ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම සහ යෝජිත චෛත්‍යයට මුල්ගල් තැබීමේ උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සහ පී. බන්දු වික්‍රම යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කැරිණි. පූජාව සඳහා එක්වූ පිරිස සහ විහාරාධිපති පනාමුරේ සුමනසිරි හිමියන් චෛත්‍යයට මුල්ගල් තැබීමෙන් පසුව නාමල් රාජපක්‍ෂ මහතාගේ සුරතෙහි පිරිත් නූලක් බැඳ ආශීර්වාද කළ අවස්ථාව. ඇඹිලිපිටිය විශේෂ සිරිල් ජයවීර

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.