Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුනාමියෙන් මියගිය ජපන් ජනතාව අනුස්මරණ පින්කම


පින්කමට සහභාගි වූ සංඝරත්නය

පසුගියදා සුනාමියෙන් මියගිය ජපන් ජනතාවට පින් අනුමෝදන් කරවීමේ පින්කමක් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්විණි. ජපානයේ ප්‍රධාන සංඝනායක මහරගම මහින්ද නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සිදුකෙරිණි. මේ සඳහා මලයාසියාවේ සංඝනායක කිරින්දේ කරුණාසාගර හිමියෝ ඇතුළු මියන්මාරය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය, බංගලිදේශය, ඉන්දියාව වැනි විදේශ රටවල සඟරුවන සහභාගි වූහ.


මතක වස්ත්‍ර පූජා කරමින්

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය සිහිකරමින් එරටට ඇතිවූ මහා විපතින් මියගිය හා අවතැන් වූ සියලු ජනතාවට පින් අනුමෝදන් කිරීම හා සෙත් පිරිත් සජ්ඣායනා කිරීම මෙහිදී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනය වූ මොහොතේ ජපන් රජයෙන් අපට දැක්වූ දායකත්වය මේ මොහොතේ කෘතගුණ සැලකිය යුතු බව ද අනුශාසකයන් වහන්සේ දේශනා කළහ.

මේ අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා, ප්‍රධාන කොළඹ සඳහම් චාරිකා, රතු පියුම සංවිධාන ඇතුළු සංවිධාන රැසක බෞද්ධ නියෝජිත පිරිස් සහභාගි වූහ.

 


පැන් වැඩූ අයුරු...

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.