Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙහෙණින් වහන්සේලා 150 නමකට දානයක්


පානදුර ගොරකාන පරණ ගාලුපාර මංසන්ධියේ සිට මෙහෙණින් වහන්සේලා පා ගමනින් සක්‍යධිතා පුහුණු භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කළ අයුරු.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් මෙහෙණින් වහන්සේලා 150 නමකට දානයක් පිරිනැමීමේ උත්සවයක් පානදුර ගොරකානේ ගල් කණුව පාරේ සාක්‍යධිතා පුහුණු භාවනා මධ්‍යස්ථානයේ දී ඉකුත් 27 වන දා සිදු කැරිණි.

එම මහා පින්කම සංවිධානය කළේ ගොරකාන සක්‍යධිතා පුහුණු භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ පින්කම් කමිටුව යි.

පාදුක්කේ සුමිත්‍රා මෙහෙණින් වහන්සේ පැමිණ සිටි සැදැහැවතුන් පංච සීලයෙහි පිහිටුවූවාය.


ප්‍රධාන මෙහෙණින් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලා එම අවස්ථාවට වැඩම කර සිටි අයුරු.

ආගමික කටයුතු ආරම්භ වෙත්ම චිරාගත සම්ප්‍රදානුකූලව පොල්තෙල් පහනක් දැල් වූයේ පානදුර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රදාන උවැසියන් විසිනි. අප රටට සාමය ළඟා කර දීමට මෙහෙවර සිදු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රධාන රජයට, සහ ජනතාවට ත්‍රිවිධ හමුදාවට ද සෙත් පැතීමක් එහිදී සිදු කැරිණි .

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.