Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සප්තාසන කාව්‍ය ධර්ම දේශනාව

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය මගින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරනු වස් සප්තාසන කාව්‍යමය ධර්ම දේශනාවක් පැවැත්වේ.

සප්තාසන කාව්‍යමය ධර්ම දේශනාව යනු භික්‍ෂූන් වහන්සේලා 07 නමක් එකවර අලංකාර මණ්ඩප හතක වැඩ සිට කරනු ලබන කාව්‍යමය ධර්ම දේශනාවකි. එම සප්තාසන ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන භික්‍ෂූන් වහන්සේලා හත් නමකි.

ලක්වැසියන්ට විශේෂිත ධර්ම දේශනාවක් වන එම කාව්‍යමය ධර්ම දේශනාව අප්‍රේල් මස 01 වැනි දින රාත්‍රී 07.00 විශ්වවිද්‍යාලීය භූමියේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.