Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙරිපැහැ සෝමානන්ද මහා නා හිමියන්ගේ ජන්ම දින උපහාර පූජෝත්සවය 26 වන දා

ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය සාහිත්‍ය ශිරෝමණී උඩරට අමරපුර මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දින උපහාර මහෝත්සවය මාර්තු 26 දින පස්වරු 02.00ට මහනුවර – ත්‍රිකුණාමල වීදියේ පුෂ්පදාන ශාලාවේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුලේදෙන ඤාණිස්සර මහානාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රමාත්‍ය දී.මු. ජයරත්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

එහිදී විශේෂ දේශනය සබරගමුව ආණ්ඩුකාරවර වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා විසින් සිදු කරනු ලැබේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.