Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

46 වන කොටස

205 පවිවෙකරසං ජිත්වා - රසං උපසමස්ස ච
නිද්දරො හොති නිප්පාපෝ - ධම්මපීති රසං පිබං

සියලු කෙලෙසුන් නසා විවේකී සුව විඳින මහණ තෙම උතුම් වූ සැනසුමින් කල් ගෙවයි.

හිතවතුනි, පසිඳුරන් සුසංවර තැනැත්තෝ සැමවිටම නිරවුල්ව සැනසුම්ව කල් ගෙවති.

206 සාහු දස්සනමරියානං - සන්නිවාසො සදා සුඛො
අදස්සනෙන බාලානං - නිච්චමේව සුඛී සියා

නිකෙලෙසුන් දැකීමත්, බාලයන් නොදැක්මත් නිසැකවම කෙනෙකුගේ සැප පිණිස වන්නේ.. ය...

හිතවතුනි, ලෝකයට සේවයක් සලසන්න. එවිට ඔබ ලෝකයෙන් පුද ලබන කෙනෙක් වෙයි.

207 බාලසංගතචාරිනී – දීඝමද්ධාන සොචති
දුක්ඛෝ බාලෙහි සංවාසො - අමිතත් තේ්නේව සබ්බදා

බාලයන්ගේ ඇසුර දුක් පිණිස හේතුවේ. නැණැත්තන්ගේ ඇසුර, සැප පිණිස හේතු වේ.

හිතවතුනි, යහලුවන්, අතර ඔබ සිටින විට නුවණ ඇත්තකු විලස සිටිය යුතු වන්නේ...ය..

208 ධීරඤ්ච පඤ්ඤඤ් ච බහුස්සුතංඤ් ච - ධෝරය්හ සීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමෙධං - භජෙථ නක්‍ඛත්ත පථං ච චන්දිමාති

නැණැති වූ ගුණැති වූ - දිරිය ඇති සිල් පිරුණු තැනැත්තන් ඇසුරේම නිරතුරුව හැසිරෙන්න.

හිතවතුනි, යහලුවන්, අතර ඔබ සිටින විට දිරිය ඇති නැණැත්තකු පරිද්දෙන් හැසිරෙන්න.

ධම්ම පද සැහැල්ල 3 – බලන්න. 209 වැනි ගාථාවේ සිට “පි‍්‍රය” වර්ගයෙන් ආරම්භ වේ.

මතු සම්බන්ධයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.