Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා පාලි/සංස්කෘත භාෂා සහතික පත්‍ර පාඨමාලාවක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා කැලණිය සුදර්ශන මාවතේ අංක 738/01 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හා දසසිල් මාතාවන් සඳහා පාලි/ සංස්කෘත භාෂා සහතික පත්‍ර පාඨමාලා දෙකක් 2011 මාර්තු 05 ආරම්භ විය.

සෑම සෙනසුරාදා දිනක ම ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා කැලණිය හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ් අංක 110 චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන මූලස්ථාන ප්‍රධාන ශාලාවේ දී මෙම පාඨමාලා නොමිලයේ පැවැත්වේ.

මේ පිළිබඳ විස්තර 0718426682 / 0714485496 යන දුරකතන මඟින් දැන ගැනීමට හැකි බවද කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.