Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා දහම් පාසල් ගුරු පුහුණු පාඨමාලාවක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කැලණි ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල්වල මෙතෙක් ගුරු පුහුණුවක් නොලැබූ ගුරු භවතුන් සඳහා ගුරු පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කොට තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ, කැලණියට වඩාත් ආසන්න දහම් පාසල්වල මෙතෙක් ගුරු පුහුණුවක් නොලැබූ ගුරු භවතුන් නම ලිපිනය දුරකතන අංකය ආදි තොරතුරු ඇතුළත් ජීව දත්ත සටහනක් ලේකම්, චිත්තාභ්‍යාස ආයතනය, අංක 738/01 සුදර්ශන මාවත, කැලණිය යන ලිපිනයට එවන ලෙස මධ්‍යස්ථානාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියෝ දැනුවත් කරති.

මේ පිළිබඳ විස්තර 0718426682/ 0714485496 යන දුරකතන මගින් දැන ගැනීමට හැකි බව ද උන්වහන්සේ පවසති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.