Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය – 2011

ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2011 ජුනි මස 17,18,19,20 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී හා උපසම්පදාපේක්‍ෂක නේවාසික පුහුණුව 2011 ජුනි මස 04 සහ 05 දිනවල වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනේදී පැවැත්වේ .

මෙවර උපසම්පදා සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අප සංඝ සභාවට අයත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම් පත් සම්පූර්ණ කර 2011 මැයි මස 01 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමු. නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම් පත් පාර්ශ්ව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේදී උපසම්පදාව සඳහා යොමු කරනු ලැබේ.

නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෝධි රාජ මහා විහාරය, තල්පිටිය , වාද්දුව යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශ්වයන්හි ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ නිවේදනය කරති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.