Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙපානම දෙව්රම් විහාරයේ මහාමායා මහ පෙරහර 26 වනදා

පන්නිපිටිය දෙපානම දෙව්රම් මහා විහාරයේ බුදුමව්පිය පූජෝපහාර මහාමාහා මහ පෙරහර මෙම 26 වනදා රාත්‍රි 7 ට ආරම්භ කැරේ.

දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනුනා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පෙරහර වාර්ෂිකව සිදු කැරේ.

සුද්ධෝදන මහාමායා බුදුමව්පිය පූජෝපහාර මහාමායා පෙරහර නිමිත්තෙන් මෙම 22 වනදා සිට පින්කම් රැසක් සිදු කැරේ.

එම පෙරහර මංගල්‍ය සඳහා මෙම 22 වනදා පෙරවරුවේ කප් සිටුවීමද එදින සවස 4 ට ස්වර්ණමංගල ආශිර්වාද පෙරහරද 23 වනදා ගැබිනි මාතා ආශිර්වාද පෙරහරද 24 වනදා සවස 4 ට කිරිදරු ආශිර්වාද පෙරහරද 25 වනදා සවස 4 ට මව්පිය පුණ්‍යානුමෝදනා පෙරහරද පැවැත්වේ.

26 වනදා සර්ව රාත්‍රික මහා සමය සූත්‍ර දේශනාවද 27 වනදා අළුයම ගිණිමඩු පූජාවද පෙරවරු 10 ට කඩුවෙලදී දියකැපීමේ පෙරහරද රාත්‍රී 7 ට සර්වරාත්‍රීක මායාමඩු දේවශාන්ති කර්මයද 28 වනදා මාතෘදිව්‍ය රාජ නානුමුර මංගල්‍යය හා ප්‍රදර්ශන පූජාවද දවල් දේව දානය ද පැවැත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.