Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තියට මඩපාත පින්කම් රැසක්

මඩපාත ශ්‍රී ශෛලතලාරාමාධිපති, ශාස්ත්‍රපති, මෙඩේරිගම නන්දාරාම හිමියන්ගේ හා විහාරස්ථ ආගමික සංවිධානවල අනුග්‍රහයෙන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පින්කම් මාලාවක් සිදුකෙරේ.

නවම් පෝය දින සිට ආරම්භ වූ ආගමික උත්සව මාලාව පොසොන් පෝ දින දක්වා පැවැත්වේ. සෑම දිනකම බෝධි පූජා, බුද්ධ පූජා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් සිදු කෙරේ.

සෑම පෝය දිනකම ශීල සමාදාන පවත්වන අතර මැයි 17 වන වෙසක් පෝය දින දහසකට අධික උවැසි උවැසියන් සහභාගි වන ශීල සමාදානයද මැයි 14 වන දින සිට විශේෂ භාවනා වැඩසටහන් ද මැයි 15 වන දින සෙත් පිරිත්දේශනා කරමින් දායක ගම් සිසාරා යන රිය පෙරහරක් ද ඇතුලත් වන අතර මැයි 17 වන වෙසක් පෝය දින අළුයම කිරිපිඬු බුද්ධ පූජා පෙරහරක් හා එම සුවිශේෂි බුද්ධ පූජාව පැවැත්වීමටත් ඊට අමතරව බෝධි වෘක්ෂ පළඳනා මහා පින්කමක් සිද්ධ කිරීමටත් මුළු දිනයේම දේශන, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා හා වෙසක් කූඩු ප්‍රදර්ශන ඇතුලත් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කැරේ.

දායක බල ප්‍රදේශවල 2600 ක් බෞද්ධ ධජ පතාකයන්ගෙන් ද සැරසීමට කටයුතු යොදා ඇති අතර මැයි 18 වන දින ශරීර අවයවයන් පරිත්‍යාග කිරීමේ ගිවිසුම් පත්‍රවලට අත්සන් කිරීමටද කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.