Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමි ගුණ සමරු පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 10 වන මහා නායක ධුරන්දරව වැඩ විසූ කොළඹ කොල්ලුපිටිය, පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ති මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ත්‍රිපිටක වාශීශ්වරාචාර්ය, ඉඳුරුවේ උත්තරානන්දාභිධාන මහ නා හිමි ගුණ සමරු පින්කම් මාලාවක් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

මාර්තු 15 දින බෝලියද්දේ විමලසිරි ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන බෝධි පූජාවක්ද, බෝපිටියේ ඥාණාවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාවක් ද, මාර්තු 16 දින පනාවිල සීලවංස ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන බෝධි පූජාවක්ද, ශාස්ත්‍රපති කරකොලේ පියදස්සී නායක ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ද, 17 වනදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමීමට විද්‍යාරණ්‍ය විනයක්‍රම සභාව, සංඝමිත්තා කුළඟන සමිතිය දායක දායිකාවන් හා පින්කම් කමිටුව කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.