Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

45 වන කොටස

201. ජයං වේරං පසවති - දුක්ඛං සෙති පරාජිතො
උපසන්තෝ සුඛං සෙකි - හිත්වා ජය පරාජයං

ජය පරාජය දෙකෙන් - ඉවත් වූ නිකෙලෙස් හූ - නොමඳ සතුටින් සැපෙන් - ජීවිතය ගත කරති.

හිතවතුනි, ඔබ ලබන - ජය පරාජය දෙකම - නිසල වූ ජීවිතය- සසල කරවන්නේ ය...

202 නත්ථි රාගසමො අග්ගි - නත්ථි දොස සමො කලී
නත්ථි බන්ධා දිසා දුක්ඛා - නත්ථි සන්ති පරං සුඛං

රාග සම ගිනි ද නැත - දෝස සම කිලිටි නැත - පස් උපදානයට - සම කෙරෙන දුක් ද නැත. සියලු කෙලෙසුන් නැසූ - පසුව මනසට දැනෙන - අමා මහ නිවන වැනි වෙනත් සැපයකුත් නැත.

හිතවතුනි, තුන් දොරින් - සුසංවර වූ පසුව - සිතට එන සැනසිල්ල - උතුම් වූ මහ සැපකි.

203. ජිගච්ජාපරමා රෝගා - සංඛාරාපරමා දුඛා
ඒතං ඤත්වා යථාභූතං - නිබ්බානං පරමං සුඛං

බඩගින්න මහ ලෙඩකි - සංඛාර ලොකු දුකකි - මෙය දැනෙන අම නිවන - පරම වූ සැපය වේ.

හිතවතුනි, ලෝකයේ - පරම සැප ලබන්නට - කැමැති නම් පළමුවෙන් සුසංවර විය යුතුය.

204. ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාති - නිබ්බාණං පරමං සුඛං

ලෝකයේ නිරෝගි බව පරම ලාභයකි - සතුටු සහගත බවද පරම වූ සම්පතකි. විශ්වාසයද පරම ඤාතියා වන්නේ ය. පරම වූ මහ සැපය - නිවන් සැප වන්නේ ය...

හිතුවතුනි, තුන්දොරින් - සුසංවර තැනැත්තෝ - නිසැකව ම ලෝකයේ මහඟු දේ ලැබ ගනිති.

මතු සම්බන්ධයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.