Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
මාතර වෙහෙරහේන පූර්වාරාම විහාරවාසී රත්මලාන කොතලාවල පුර මාතර බෞද්ධ මධ්‍යස්ථානාධිපති සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ කර්මවාගාචාර්ය කාරක සංඝ සභික ත්‍රිපිටක ධර්ම කීර්ති ශ්‍රී සවරභඤ්ඤ විශාරද විචිත්‍රභාණක ගාලු කෝරළයේ ඇතුළු හිනිදුම් පත්තුව, ප්‍රධාන සංඝනායක මාපලගම බුද්ධසිරි නාහිමි.

ගිහිනම :-
ජයරත්න කාරියවසම්

වැඩවසන පන්සල :-
රත්මලාන කොතළාවල පුර මාතර බෞද්ධ මධ්‍යස්ථානය

උපන් දිනය :-
1960 ජූලි මස 08 වන දින

පියා :-
එඩ්වඩ් කාරියවසම්

මව :-
පියවතී ලියනගේ

සහෝදර සහෝදරියන් :-
සහෝදරයෙක් සහ සහෝදරියන් පස් දෙනෙක්

මූලික අධ්‍යාපනය –
ගාල්ල නාගොඩ ආනන්ද විද්‍යාලය

පැවිදිවීම :-
වර්ෂ 1971 දෙසැම්බර් මස 22 දින

උසස් අධ්‍යාපනය :-
මාතර වෙහෙරහේන සිරි රේවත මූලික පිරිවෙන.
මාතර ශ්‍රී සුදර්ශී විද්‍යායතන පිරිවෙන.
(සාමාන්‍ය පෙළ /උසස්පෙළ ප්‍රාචීන, ප්‍රාරම්භක හා විනයාචාර්ය දක්වා)

උපාධ්‍යායන් වහන්සේ :-
මාතර වෙහෙරහේන පූර්වාරාම විහාරාධිපති දක්‍ෂිණ විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී දවුලගල සංඝරතන නාහිමි.

උපසම්පදා වූ දිනය :-
වර්ෂ 1980 ජුනි මස 14 වන දින කෝට්ටේ රාජමහා විහාර සිරි සුමංගල උපෝෂථාගාරය

විශේෂ දක්‍ෂතා :-
පිරිත් සජ්ඣායනයේ විශේෂ දක්‍ෂතාවයක් තිබීම. අවුරුදු 22 දී පිරිත් සජ්ඣායනය ආරම්භ කොට ඇත. දැනට වසර 25 ක් සම්පූර්ණ කොට ඇති අතර සත්වේලේ පිරිත්, සති පිරිත් දොරකඩ අසුන අනුශාසනාව සඳහා විශේෂ දක්‍ෂතාවයක් ඇත.

සම්මාන උපාධි :-
වර්ෂ 2005 දී අමරපුර සංඝ සභාවේ සද්ධම්ම වංශ මහා නිකායේ මහා නායක හාමුදුරුවන් ඇතුළු කාරක සංඝ සභාවෙන් “ ත්‍රිපිටක ධර්ම කීර්ති ශ්‍රී සවරභඤ්ඤ විශාරද විචිත්‍ර භාණක ගෞරව නාමය පිරිත් සජ්ඣායනාව සම්බන්ධව ප්‍රදානය කොට ඇත.

වර්ෂ 2011 දී අමරපුර සංඝ සභාවේ සද්ධම්ම වංශ මහා නිකායේ කොළඹ දිස්ත්‍රික් සංඝ සභාවේ සම්මාන උපාධි ප්‍රදානය “ ධර්මකීර්ති ශ්‍රී මධූරභාණි \ත්‍රිපිටකාචාර්යය” ගෞරවනාමය නම්බුනාමය පිරිත් සජ්ක්‍ධායනය සඳහා පිරිනමා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.