Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

63 වන නිදහස් සමරු දිනය නිමිත්තෙන් කළුතර තේක්කවත්ත ආනන්ද අමරසිංහ විහාරස්ථ ශ්‍රී සම්බෝධ දහම් පාසලේ සිසු දරු දැරියන් සහ මවුපියන් විසින් විශේෂ බෝධි පූජා පින්කමක් පවත්වන ලදී. එහිදී විහාරාධිපති පලාතොට පඤ්ඤානන්ද හිමියන් දේශය බේරාගත් පුරාණ වීරවරුන් ගැන සාරවත් දේශනයක් පැවැත්වූ අතර, රට වෙනුවෙන් දිවි පිදූ සියලුම විරුවන්ටත් පින් අනුමෝදනා කොට අනතුරුව වත්මනෙහි රට බේරාගත් ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් සෙත් පැතූහ. රටට සෞභාග්‍ය උදාවී ලක්වැසි සැමටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන ලදී. පහළ ඡායාරූපයෙන් දැක්වෙන්නේ දහම් පාසල් සිසු සිසුවියන් ස්වාමීන් වහන්සේලාගේ් දේශනවලට සවන් දී සිටි අයුරු.
කළුතර දකුණ සමූහ උපාලි බටුවත්ත

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.