Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රත්නපුර රංවල ගොඩකවෙල පදිංචි තිදරු පියෙකු වන ඩබ්ලිව්.ඒ. තිලකසිරි වික්‍රමආරච්චි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඒ මහතා සුවපත් කිරීමට ඉතා කඩිනමින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලී අයකු වෙතොත් දුරකථන අංක 0779 150918 හෝ 045 5687383 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. මෙම රෝගියාට දෛනික ප්‍රතිකාර කිරීමට සිදු වී ඇති නිසා ඊට ද විශාල මුදලක් වැය වන බවද මුදල් සොයා ගැනීමට ඥාතීන්ට අසීරු වී ඇතැයි ද කියති. ඒ සඳහා උපකාර කළ හැකි පරිත්‍යාගශීලීන් වෙතොත් මහජන බැංකුවේ ගොඩකවෙල ශාඛාවේ ගිණුම් අංක 245 – 2 – 002 – 7 – 0022569 වෙත බැර කරන ලෙසද ඉල්ලා සිටී.


බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ 407 /1 ලිපිනයේ පදිංචි පී.ඒ. කනිෂ්ක නවෝද් මහතා වයස අවුරුදු 22 හි පසුවන අයෙකි. ඔහු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් බී. පොසිටිව් හෝ ඕ කාණ්ඩයේ රුධිරය ඇති අයකුගේ වකුගඩුවක් ඔහු වෙත පිරිනමන ලෙස පරිත්‍යාගශීලින් ගෙන් ඉල්ලුම් කැරේ. 0724134121 හෝ 0721421277 දුරකතන අංක වෙතින් වැඩි විස්තර ලබා ගත හැකි බවද කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.