Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තියට අමුවල ශ්‍රී සුමනාරාමය ද පිළිවෙතින් පෙළ ගැසේ

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රත්නපුර ඇලපාත කොට්ඨාසයේ දහම් පාසල් හා විහාරස්ථාන, එකතුව තරුණ තරුණියන් දහසක් සිල් සමාදන් කරවා පිළිවෙතින් පෙළ ගැසීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2011 මාර්තු මස 06 වන ඉරු දිනය පුරා හංගමුව අමුවල ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරයේදී පැවැත්වේ. ශ්‍රී සුමනාරාම විහාරවාසී ශාස්ත්‍රපති හේනේපොල සුමනජෝති හිමියන්ගේ සංවිධානත්වයෙන් එදින පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන වැඩසටහන, ධර්ම ද්ශනා ධර්ම සාකච්ඡා භාවනා අභ්‍යාස ආදී සදහම් පිළිවෙත් රාශියකින් පෝෂණය වේ.

මෙම සදහම් වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ඇලපාත ශාසනාරක්‍ෂක බල මණ්ඩලය සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.