Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවතුරේ පඤ්ඤාතිස්ස හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය 4 වන දා

උඩුනුවර, හත්නාගොඩ රාජ මහා විහාරාධිපති, උඩුනුවර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරි තලවතුරේ පඤ්ඤාතිස්ස නාහිමියන් වෙත මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක සංඝ සභාව විසින් සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන යන ගෞරව නාම සම්මුතිය සහිතව සම්මත කරන ලද උඩුනුවර හා උඩ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම මාර්තු මස 04 වැනි දා මල්වතු මහා විහාරයේදී සිදු කෙරේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ යාවජීව පාලන සභික මෙන්ම සරණ කර්තෘ මණ්ඩල උපදේශක පදවිය හොබවන උන්වහන්සේ සියම් මහා නිකායේ උඩුනුවර සංඝ සභාවේ සංවිධායක පදවිය ඇතුළු ප්‍රදේශයේ සමිති සංවිධාන රැසක අනුශාසකත්වය ගෙන කටයතු කරති.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නා හිමිපාණන් වහන්සේ විසින් අභිනව නායක පදවිය පිළිබඳ අක්ත පත්‍රය ප්‍රදානය කරන අතර, මාර්තු 06 වැනි දා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිළිගැනීමේ උත්සවයක් හත්නාගොඩ රාජ මහා විහාරයේදී පැවැත්වේ.

අභිනව අධිකරණ සංඝනායක තලවතුරේ පඤ්ඤාතිස්ස නාහිමියන්ගේ දිවි පෙවෙත අළලා ජයන්ත සුමනසේකර මහතා විසින් “රචිත සසුන් කෙත සරුකළ පැනතිස් නාහිමි සඳ” කෘතිය මාර්තු 04 වැනි දා මල්වතු මහ නාහිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය. මෙය දම්පල් පදනමේ හා හත්නාගොඩ රාජ මහා විහාරස්ථ දායක සභාවේ ප්‍රකාශනයකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.