Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්නපුර ගැටන්ගම ශ්‍රී විජයාරාම ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය රාජයාණන්ගේ කොත් පැළඳවීමේ උළෙල

රත්නපුර ගැටන්ගම ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානයට කලක සිට පැවැති විශාල අඩුවක් සම්පූර්ණ කිරීම වස් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය ඉදි කර කොත් පැළඳවීමත්, නිරාවරණය කිරීමත් 2011 මාර්තු මස 07 වන දින සබරගමුව පළාත් ආණ්ඩුකාරවර වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමාගේ සුරතින් උත්සවාකාරයෙන් සිදු කෙරේ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට ආරම්භයක් ලෙස අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පළඳවා නිරාවරණය කිරීම, නිමිත්තෙන් මාර්තු මස 03 වන දින ඇරැඹි පින්කම් මාලාව 7 වන දින දක්වා සතියක් පුරා ගැටන්ගම ශ්‍රී විජයාරායේදී පැවැත්වේ. 3 වනදා රාත්‍රී ඇරැඹි තිස් පෑ හතේ පිරිත් දේශනය, 6 වන දින සවස 2.30 ට දේව දූත පෙරහැර , රාත්‍රී දොරකඩ අස්න දේශනය, 7 දින උදෑසන 6.49 ට ධාතු නිධානය, 7 වන දින දහවල් 10.33 ට සබරගමු ආණ්ඩුකාරවර වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමාගේ සුරතින් කොත් වහන්සේ නිරාවරණය කිරීමෙන් පින්කම් මාලාව නිමාවට පත්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.