Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 26 වන උපසම්පදා වාරය

සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 26 වන උපසම්පදා වාරය අප්‍රේල් 26, 27, 28 හා 29 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දූපතෙහි ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරස්ථ සීමා මාලකයේ දී පැවැත්වීමට ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, සානුනායක විධායක කාරක මහා සංඝ සභාව තීරණය කොට ඇති බව ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමියෝ දන්වා සිටිති. මෙවර ද උපසම්පදාපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා සඳහා අපේ‍්‍රල් 01, 02, 03, 04 හා 05 යන දිනවල විශේෂ වැඩසටහනක් ඔස්සේ නේවාසික පුහුණුවක් ලබාදීම ද සිදු කෙරේ. එය ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මූලස්ථානය වන තිහගොඩ ඌරාපොළ සිරි රතනජෝති පරිවේණස්ථානයේ දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ සිරි රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට අපේක්‍ෂිතය.

මෙවර උපසම්පදා වාරයේ දී වර්ෂ 2011 අප්‍රේල් 25 වැනි දාට විසිවයස් සපිරුණු උගතමනා බණදහම් සම්පූර්ණ කළ උපසම්පදාපේක්‍ෂක සාමණේරයන් වහන්සේලා පිළිබඳව 2011 මාර්තු 01 වැනි දිනට පෙර ප්‍රධාන ලේඛකාධිකාරී, ශ්‍රී රෝහණ මහා සංඝ සභාව, ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරය, රන්දූපත, කොටුවේගොඩ, මාතර යන ලිපිනයට පැමිණ හෝ ලිඛිතව දන්වන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.