Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුඛ වග්ගය

197 සුසුඛං වත ජීවාම - වෙරිනෙසු අවෙරිනො
වෙරනෙසු මනුස්සේසු - විහාරාම අවෙරිනො

වෛරයෙන් පිරිගත් - මේ නපුරු ලෝකයේ - වෛර නොකරන මහණ - පෙළ සුවෙන් දව සරිති.
හිතවතුනි, ලෝකයට වෛර නොකරනු මැනවි, එවිට මුළු ලෝකයම ඔබට මෙත් කරනු ඇත.

198 සුසුඛං වත ජීවාම – ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සේසු - විහාරාම අනාතුරා

කෙලෙස් රෝගයන්ගෙන් – ඇද වැටුණු ලෝකයේ - කෙලෙස් අඩු මහණ පෙළ - නිරෝගී ලෙස වෙසෙති.
හිතවතුනි, තුන් දොරින්, සුසංවර වනු මැනවි. නිරෝගි බව ඔබට සම්පතක් ලෙස ලැබේ.

199 සුසුඛං වත ජීවාම – උස්සුකෙසු අනුස්සුකා
උස්සුකෙසු මනුස්සේසු - විහාරාම අනුස්සුකා

කම් සැපම සොයා සොයා - අවුල් වූ ලොවක් මැද - කෙලෙස් අඩු මහණ පෙළ - නිරවුල්ව දව සරිති.
හිතවතුනි, කම් සුවය, අඩු නොකළ තැනැත්තා, මුළුමනින්ම ජීවිතය අවුල් කර ගන්නේ..ය...

200 සුසුඛං වත ජීවාම - යෙසං නො නත්ථි කිඤ්චනං
පිතිභක්ඛා භවිස්සාම - දෙවා ආභස්සරා යථා

සියලු කෙලෙසුන් නැසූ - රහත් පෙළ නිරතුරුව - බඹ ලොවේ බඹුන් මෙන් සතුටින් ම කල් ගෙවති.
හිතවතුනි, ජීවිතය , සැනසුමින් ගෙවන්නට, තුන් දොරින් සුසංවර, පැවැත්මට යා යුතු ය..


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.