Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සූරියගොඩ ධම්මික හිමියෝ ජපානයෙහි ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවි ලබති

දෙහිවල අත්තිඩිය මන්ත්‍රීමුල්ල ශ්‍රී ධර්මාශෝක විහාරාධිපති, කුරුණෑගල මැල්සිරිපුර වැඩිහිටි විවේකාශ්‍රමයේ සභාපති සහ අධ්‍යක්‍ෂ, ජපානයෙහි සින්තෙයිජි ධර්මාශෝක විහාරය සහ ජපානයෙහි කන්සයි, නගොයා, සිෂුඹිකා යන පළාත් වල බෞද්ධ සංගම් වල ප්‍රධාන අනුශාසක, ජපන් ශ්‍රී ලංකා බෞද්ධ සමාජ සේවා පදනමේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල්, සකුරා පෙර පාසල් වල විදුහල්පති ශාස්ත්‍රවේදී සූරියගොඩ ධම්මික ස්වාමීන් වහන්සේ වෙත සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ සානු නායක විංශත්වර්ගී කාරක මහා සංඝ සභාව විසින් විනය කීර්ති ශ්‍රී සුධම්ම ධම්මසිද්ධි යන ගෞරව නාමය සහිත ජපානයෙහි ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය සමානච්ඡන්දයෙන් පිරිනමා ඇත.

උන්වහන්සේ අපවත් වී වදාළ කෙවිටියාගල ධම්මසිද්ධි නාහිමිපාණන් වහන්සේගේ කණිෂ්ඨ ශිෂ්‍යයකු වන අතර අපවත් වී වදාළ සූරියගොඩ වජිරඥාන ලොකු හාමුදුරුවන් වහන්සේගේද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකුද වෙති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.