Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඩී. ආර්. විජයවර්ධන සමරු පින්කම පෙබරවාරි 26 හා 27 දා

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 26 වන දා සෙනසුරාදා සහ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් 27 වන දා දහවල් පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මේ පින්කම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්ත දෙමළියේ ඉන්දසර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.