UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්ද්‍රිය හා අවබෝධය

ලෝකයේ බොහෝ දේ දක්නට ඇත. එයින් සමහර දේ අපි දකිමු. එළෙස අපි දකින්නේ, (නෙත් ඇත්නම්) නෙතට පෙනි, සිතට හඳුනාගත හැකි දේ පමණි. ඤාණයට ගොදුරුවන හෙවත් වැටහෙන දේ පමණි.

නෙත් ඇතත්, දුටුවත්, යම් පමණට හඳුනාගත්තත්, ස්වකීය නැණ මඬලට, (නෙතින්, හඳුන්වන දේ) දිරවා ගත නොහේ නම්, එය අපේ ඤාණන්ත්‍රික්කව පවතින දේ, හැටියට හඳුන්වා දිය හැකිය.

මේ පෙරවදන ඔබට, වැදගත් යමක් පැවසීම පිණිස ම වේ.

බුදුරජාණන් වහන්සේ, තම ඤාණයෙන් දකින දේ, නැතහොත් අවබෝධයට, පත්වන, බොහෝ දහම් කරුණු අපේ ඤාණයට (හැමදේම) නොවැටහේ.

ඒ නිසාම බුදුවරු කියන දේ බොරු යයි. ඇතැමුන් තීරණය කරන්නේ නම් එය විශාල මුළාවකි. මෝහය නමින් ධර්මයේ හඳුන්වන වචනය, ඊට උචිත යයි සිතමි.

(නෙතින් දකින දේ චක්ඛු විඤ්ඤාණය) හඳුනා ගන්නේ සිතිනි. ඒ දේ ගැන ඤාණාන්විතව සිතනුයේ ඤාණයෙනි. සමහර දේ යම්තම් හඳුනා ගැනීමට පමණක් බඳුන්වේ. ඡායාවක් පරිදි යම්තම් හඳුනා ගැනීමක් පමණක් එහිදී සිදුවේ.

කණට ඇසෙන ශබ්ද ද (සෝත විඤ්ඤාණය) එපරිදිම වේ. නාසයට දැනෙන ගඳ සුවඳ ද එපරිදිම හඳුනා ගැනීම හා වැඩිදුර සිතීම සිදුවේ.

දිවට ලැබෙන රසය ද (ඝාණ විඤ්ඤාණයා එපරිදිම වටහා ගන්න

කයට ලැබෙන හොඳ නරක (මිශ්‍ර) ස්පර්ශ ගැන ගත්ත ද එලෙස තේරුම් ගන්න, මේ ඉන්ද්‍රියන් පහට අතිරේකව, මේ සියල්ලේ ප්‍රධාන මෙහෙයුම් කරු ලෙස සිත පෙනී සිටී. ඒ හයවැනි ඉන්ද්‍රිය වේ.

මේ සියල්ලේම පැවතීම මත ලෝකය පැවතෙයි. ඒ බුද්ධ දේශනාවයි. ඇස, කණ, නාසය ආදී ඉන්ද්‍රියන්ගෙන් ගන්නා අරමුණු හෙවත් ආහාර නිසා සතුට ලබයි. දුක ලබයි. ඒ දෙකෙහිම සම්මිශ්‍රිත උපේක්ඛා (මැදහත් බව) ලබයි. ඉන්ද්‍රියයන් නිසා සතුට ලබන අපි ඉන්පසුව සතුට ලබා දෙන දෙයට ආශා කරමු. සතුට ලබා දෙන දෙයට ආශා කිරීම ආශ්වාදය ලබා දෙන දෙයට ඇලුම් පැවතීම සාමාන්‍ය සත්ව ස්වභාවයකි.

ඉන් පසුව සතුට ලබා දුන් දෙයට ඉන්පසු ආශාව පවත්වාගෙන යයි. හෙවත් සතුට ලබා දුන් දෙයට ඇලුම් කරයි. දැන් මොකද? කිම? ඒ දෙය කෙනෙක් හිමිකර ගනීවි යන හැඟුමින් එය සිතින් බන්ධනය කරයි. බැඳීමක් ඇති කරයි. ඉන්පසුව මේ ආශ්වාදය, ආශාව, බැඳීම (උපාදානය) මේ සියලු කිළිටි (ක්ලේශ) පැවතීම තිබෙන තුරු, සසර ගමන් කරයි.

මේ ආශ්වාදනය තාවකාලිකය, දුක් සහිතය. සුළු වේලාවක් සතුට ලබාදුන් දෙයම, අපට දුක උරුම කර දෙයි යන ස්වභාවය අවබෝධ කර ගැනීම හොඳම අවබෝධයයි. සසර ගමන නවතාලීමට, ඒ අවබෝධය හේතුවේ.

පටිච්ච සමුප්පාද ධර්‍මයේ මේ ඉගැන්වීම දීඝ ලෙසින් විස්තර වේ.

ඉන්ද්‍රියයන් පීනනය කිරීම ම ලෝකය යනුවෙන් හැඳින්වේ. ඉන්ද්‍රියයන් පිනවමින් දිවි පවත්වාගෙන යන අප එහි ආශ්වාදනයට රැවටී අප සසර පරඩැලක් මෙන් ගසාගෙන යයි. රාත්‍රී කාලයේ දී තදට නිද්‍රාගතව සිටින විට විශාල ගංවතුරක් පැමිණ සියල්ලෝම ගසාගෙන යති, රැගෙන යති, එපරිදිම ආශාවෙන් ආශ්වාදනය වෙමින් සතුටු වෙමින් ආශා කරමින් බැඳීම් ඇති කරගනිමින් අවබෝධය නැතිව කටයුතු කරන මිනිසා සසර සයුරට ගසාගෙන යයි.

එය නවතාලීමට නම් ඉන්ද්‍රියයන්ට රැවටීම දුරු කළ යුතුය. ඉන්ද්‍රියයන්ට (ගොදුරු වන අරමුණු වන, (ආහාරවල) අරමුණුවල යථා ස්වභාවය තේරුම් ගත යුතුය. වටහාගත යුතුය. නිසසලව සිතන්න. නුවණින් සිතන්න,, චින්තාමය ප්‍රඥාව උපන් ඔබට සසර ගමන නවතාලිය හැකිය.

 

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]