UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නවම් පෝදා පින්කම්

කතරගම කිරි වෙහෙර

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී නවම් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන් පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරි වෙහෙර චෛත්‍යය වටා බෞද්ධ කොඩි 330 පැළඳවීම කප් රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩ සටහන චෛත්‍යය මලුවේදී පැවැත්වේ.

ගාමිණීපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව සිල්ගත් උපාසක උපාසිකාවන්ට ගිලන්පස පිරිනැමීම සිදු කෙරේ.

උදේ ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී කොස්ගම උපරතන නාහිමියන් විසින් දුටුගැමුණු ධර්ම ශාලාවේ දී පැවැත්වේ.

සවස කිරි වෙහෙර මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීම බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරි වෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් බෝධි පූජාව පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සිදු කෙරේ.

කිරි වෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්‍ම දේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


වට්ටාරම

කෑගල්ල වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජ මහා විහාරස්ථානයේ නවම් පෝය දින දාන ශීල භාවනා ධර්ම සාකච්ඡා පින්කම් මාලාවක් පැවැත්වේ.


අනුරාධපුර බෞද්ධ මණ්ඩලය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය වසරක් පාසා පවත්වාගෙන එනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, මෙවරද මෙම මස 16 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බෞද්ධ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා සිටින සියලුම පින්වතුනට හා ඔවුන්ගේ පවුල්වල සැමටත් ආරක්‍ෂක සේවා වල නියතු සැමටත්, රටටත් සෙත් පැතීම හා මිය ගිය සාමාජික සාමාජිකාවන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කොට එම පින්කම පැවැත්වේ.

පිරිත් දේශනාවෙන් අනතුරුව එදිනට පසුදින නවම්පුර පසළොස්වක පොහොය දින භික්‍ෂූන් වහන්සේ 15 නමකට හීල් දානයත්, දහවල් 50 කට අධික මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්‍ෂිණාවක්ද පිරිනැමෙන අතර බෞද්ධ මණ්ඩල පරිශ්‍රය තුළ සිල් සමාදන්වන සැදැහැවතුනට හීල්දානය හා දවල් දානය පිරිනැමීමත් සුපුරුදු පරිදි ධර්ම දේශනා හා භාවනා වැඩසටහන්ද පැවැත්වීමද දවස පුරා සිදු කෙරේ.


සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රමය

මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානයේ නවම් පෝදින ආගමික කටයුතු රාශියක් පැවැත්වීමට විහාරාධිපති මොරටුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති වැලිවුල්ලේ දමිත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ සම්බෝධිනුගාශ්‍රම පදනම මගින් කටයුතු සංවිධානය කර ඇත.

පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම, තෙළුල්ලේ ධම්මරතන හිමි, 06.30 උදෑසන කිරි ආහාර පූජාව මාදුවේ විමලසිරි හිමි, 08.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, පරදංවල කල්‍යණධජ හිමි, 09.00 ධර්ම දේශනාව ,කදුරුපේ ගුණාලංකාර නාහිමි, 10.00 ධර්ම සාකච්ඡාව පෙරේරා මහතා, 11.00 දවල් බුද්ධ පූජාව වැලිවුල්ලේ දමිත හිමි පස්වරු 01.00 බුද්ධ වන්දනාව හා පිරිත් සජ්ඣායනයට , 02.00 ධර්ම දේශනාව කොන්ගමුවේ මේධංකර හිමි, 03.30 ධර්ම සාකච්ඡාව කුඩුක්ගොල්ලෑවේ සුමණසාර හිමි, 05.00 ධර්ම දේශනාව අළුත්වැව හේමාලෝක හිමි, 06.00 සිල් පවාරණය , ප.ව. 07.00 ගිලන්පස බුද්ධ පූජාව, සර්වඥධාතු පූජාව හා බෝධි පූජාව, වැලිවුල්ලේ දමිත හිමි,


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී නවම් පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ.

පෝදා පෙරවරු 6.30 –7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි 8 –9.45 දම් දෙසුම වතුරුගම නන්දසිරි හිමි 10 –11 දම් දෙසුම අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ පස්වරු 1 –4 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ශාස්ත්‍රපති මඩිහේ සුගතසිරි හිමි ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා 4.15 – 6 දම් දෙසුම බොරළුහේන සුදේව හිමි. 6.30 – 8 ධර්මචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන පහන් පූජාව.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි නවම් පොහෝදා සීල සමාදාන පින්කම මෙසේය.

උදෑසන 6.00 –7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනය, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, පෙරවරු 7.00-8.00 තෙරුවන් වන්දනාව 8.00- 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි , 9.45 – 10.45 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි 11.00-11.15 තෙරුවන් වන්දනාව

පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අළුත්වෙල ධම්මසති හිමි, බංගලාදේශයේ ධම්මපි‍්‍රය හිමි, 1.00 – 2.00 ධර්මදේශනය ශාස්ත්‍රපති මිදේරිපිටියේ තපස්සී නාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි, 4.00 – 5.00 ධර්මදේශනය වල්ගම ධම්මවිහාරී හිමි, 5.00 – 6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි. 7.00 අටවිසි බුද්ධ වන්දනාව

ප්‍රඥා ප්‍රභා සංවිධානය මාසිකව නිකුත් කරන,ආචාර්ය ,මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථය මෙදිනද ධර්ම දානයක් ලෙස පූජා කෙරේ.


ගල්කිස්ස බෞද්ධායතනය

ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනයේ දී බෞද්ධායතන සංවර්ධන සංගමය මෙහෙයවීමෙන් නවම් පෝදා දවස පුරා ආගමිකවතාවත් සිදු කැරේ. පෝදා පෙරවරු 06.30 සීල සමාදානය වන්දනාව හා අනුශාසනාව බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සි නාහිමි 08.30 භාවනා වැඩසටහන මෙහෙයවීම මාරපන අරියරතන හිමි, 09.45 දහම් දෙසුම මඩවල ධම්මික හිමි, 11 බුද්ධ පූජාව පස්වරු 1 දිවා වන්දනාව සහ සෙත් පිරිත් 1.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම දිවියාගහ යසස්සී නාහිමි, විශ්‍රාමික විදුහල්පති ඒ. රණවීර ආරච්චි මහතා, 3 – දහම් දෙසුම ශාස්ත්‍රපති ලේල්වල තපස්සි හිමි, 4.15 මවුපිය උපහාර ධර්ම දේශනය තලගල සුමනරතන නාහිමි 6 –ගිලන්පස බුද්ධ පූජාව.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදි නවම් පෝදා පින්කම් රැසක් සිදු කැරේ. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන අළුපොත ධම්මරතන හිමි, 9.15 ධර්ම දේශනය ,10.30 බුද්ධ පූජාව, මාකොළ පඤ්ඤාජෝති හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය නාවලපිටියේ සරණජෝති හිමි,2.15 ධර්ම දේශනය ,4.15 ධර්ම දේශනය ,5.00 බෝධි පූජාව මාකොළ පඤ්ඤාජෝති හිමි, 6.00 සිල් පවාරණය


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී නවම් පුන් පොහෝ දින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ශීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.30 සිට 9.00 කොටගොඩ සුධීර ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්මදේශනාවකි. 9.15 සිට 10.00 කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනකි. 10.00 11.00 පනලුවේ සතීමා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩ සටහනකි.

11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 – 1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ක්‍ධායන ද පස්වරු 1.00 –2.15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහනද 2.30 –3.30 පන්නිපිටියේ අසංසා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහනද 3.30 – 4.30 කුරුවිට සමාධි දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන 4.30 – 5.00 තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට විසිතුරු මල් පහන් ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ.


අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්තිපාත ශාලාවේදී නවම් පෝදා පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේය.

පුන් පෝ දින පෙ.ව. 06.00 – 06.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.05 මහාවිහාර සන්නිපාත ශාලාව අසල දී මරණයට කැප වූ ගවයකුට අභය දානය ලබාදීම. 08.05 - 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ පණිවිඩය ප්‍රචාරය 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 – ප.ව. 12.30 දවල් දානය, විවේකය සහ පුණ්‍යානුමෝදනාව ප.ව. 12.30 – 02.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.30 – 07.00 ජය සිරි මහ ‍බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය, පුන් පෝ දිනට පසු දින පෙ.ව. 05.00 – 05.30 මහා විහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 05.30 – 06.00 හීල් දානය සඳහා විවේකය 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියසදී සිල් පවාරණය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය නවම් පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 08.00 – 09.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ රංගිරිඋල්පත සුගතවංස හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම චන්දන ගුණවර්ධන මහතා, 3.00- 4.00 ධර්ම දේශනාව කුඩාකන්නෝරුවේ විනීත හිමි, 4.15 – 5.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 05.00 – 06.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩදුම්බර ලංකානන්ද හිමි, 06.00 – 06.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ජයශේඛරාරාමයේදී නවම් මස පුර පසළොස්වක පොහොයදා ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 සිට 6.30 උපොසථශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිකාරි රජවත්තේ වප්ප හිමි පෙරවරු 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම, තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 9.15- 10.15 ධර්ම දේශනය, රජවත්තේ වප්ප හිමි, 10.30 – 11.00 සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 –12.30 සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 01.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 02.15 – 3.00 ට භාවනා වැඩසටහන තලල්ලේ සිරි මහින්ද නාහිමි 3.30 - 4.30 ධර්ම දේශනය මාමඩලේ විමල හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය මැදිරිගිරියේ චන්ද්‍රජෝති හිමි, 6.00 ට සිල් පවාරණය ,7.00 – 7.45 මල්පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව . 7.45 – 8.45 ධර්ම දේශනය


බෙලිගල

බෙලිගල රජ මහා විහාරස්ථානයේදී නවම් පෝය දින සවස බෝධි පූජාවක් පැවැත්වේ. දම්මල ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

නවම් පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම, නාඔටුන්න ඤාණාලෝක හිමි 08.00 බුදු ගුණ වන්දනාව, 09.30 විදර්ශනා මාර්ගය – කම්මට්ඨානාචාරිනී චන්ද්‍රා රණතුංග මාතාව, 10.30 බුද්ධ වන්දනාව, ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි, ප.ව. 1.00 රණවිරුවන්ට සෙත් පතා පිරිත් සජ්ඣායනාව ඌරුමුත්තේ සිරි සෝමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි, 2.00 ධර්ම දේශනාව ගලබඩ පියරතන හිමි, 3.00 ධර්ම සාකච්ඡාව බන්දුල උදය කුමාර මහතා, 5.00 සිල් පවාරණය, බූකැන්දා යායේ අරියවංශ හිමි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීති හිමි, 07.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මොරකන්දගොඩ අරියවංශ හිමි, 10.00 ධර්ම දේශනාව පණ්ඩිත තලහගම ඥානරතන නාහිමි, 11.00 බුද්ධ පූජාව, ප.ව. 1.00 සෙත් පිරිත් දේශනාව පොඩි ස්වාමීන්වහන්සේලා, 01.30 කෙටි දේශනාව තබ්බෝවේ තපංකර හිමි, 03.30 කාව්‍ය ධර්මානුශාසනාව ශාස්ත්‍රවේදී පට්ටියවෙල සීවලී හිමි. 05.00 ධර්ම දේශනය කැකනදුරේ ශාස්ත්‍රවේදී හේමාලංකාර හිමි, 06.00 සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත හිමි.


සිරිමංගල පිරිවෙන් විහාරය

පෝදා පෙරවරු 6.00 සීල සමාදානය පණ්ඩිත වලස්ගල පුණ්‍යජි මයුරවංශ මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ, 06.30 බුද්ධ පූජා වන්දනාව ශාස්ත්‍රවේදී බලංගොඩ සාන්තසිරි හිමි, 08.30 භාවනා වැඩසටහන හොරපාවිට ධම්මිස්සර හිමි, 10.30 බුද්ධ පූජා වන්දනාව පස්වරු 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමි 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත කැලණියේ අජිත හිමි, ප.ව. 06.00 සිල් පවාරණය, ප.ව. 06.30 අටවිසි බුද්ධ වන්දනාව ශාස්ත්‍රවේදී කුඩාගොඩ ඥානවංශ හිමි.


උයන්වත්ත වාලුකාරාමය

පෝදා පෙරවරු 06.30 සිල් සමාදන් කරවීම ශාස්ත්‍රවේදී බඹරැන්දේ රාහුල හිමි 07.00 බුද්ධ පූජා වන්දනාව බෙංගමුවේ චන්ද්‍රරත්න හිමි, 8.00 ගුවන්විදුලි ධර්ම දේශනාව, 10.30 බුද්ධ වන්දනාව මොරවක ධම්මරතන හිමි, ප.ව. 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව, 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී වීරකැටියේ සුමන හිමි 4.00 ධර්ම දේශනාව බුත්තල මෙත්තානන්ද හිමි, ප.ව. 07.00 අටවිසි බුද්ධ පූජාව රොටුඹ සෝමරතන හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ නවම් පෝදා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 06.00 – 07.00 සිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමි, 08.00 – 09.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමණසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව, අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂූ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම සුමනරතන හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව, බංගලිදේශයේ සංඝරක්ඛිත හිමි, බලංගොඩ බෝධිධම්ම හිමි පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ – කඹුරුගමුවේ සුමේධ හිමි, අම්පනාගල ධම්මාලෝක හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව, කැලණිය විද්‍යාලංකාර මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවා කන්දේ ඥාණානන්ද හිමි, 03.00 – 03.30 විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහනාහිමි, 03.45 – 05.00 ධර්ම දේශනාව, ඉතාලියේ බ්‍රේසියා ධර්මායතනාධිපති හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ හිටපු ප්‍රධාන ආචාර්ය රාජකීය පණ්ඩිත එලුවාපොල පඤ්ඤාරතන නාහිමි, 05.00 – 06.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පාණදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ගණේමුල්ල කටුවාලමුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පසළොස්වක පොහොය දිනයේ සිදු කෙරෙන ශීල සමාදාන හා භාවනා වැඩ සටහන මෙසේ ය. පෙරවරු 06.30 – 07.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව ශාස්ත්‍රපති ගෝනවල අස්සජි හිමි පෙරවරු 07.30 – 08.30 භාවනාව, 08.30 – 09.30 ධර්ම දේශනාව, කන්තලේ ආනන්ද හිමි, 09.30 – 10.30 ධර්ම දේශනාව, ගෝනවල අස්සජි හිමි. 11.00 – බුද්ධ පූජාව, පස්වරු 01.00 – 02.00 භුක්තානුමෝදනාව හා පිරිත් 02.00 – 03.00 අතිරේක ධර්ම දේශනාව, 03.00 – 04.30 රැස්වීම හා අනුශාසනාව.


අලව්ව

අලව්ව මාබෝපිටිය ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරස්ථානයේ දී නවම් පුන් පෝදා දවස පුරා අග්‍රශ්‍රාවක පූජා පින්කමක් පැවැත්වේ. එදින අලුයම 05.00 ට අග්‍ර ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා පූජා මණ්ඩපයට වැඩමවන අතර තෙලිකඩ ධම්මිස්සර හිමියන් විසින් පූජාව මෙහෙයවති.


“බුදුපුත් හරසර පූජා” පෝදා

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන “සදහම් චාරිකා” සංවිධානය කරනු ලබන පින්කම මාලාවේ පළමු පින්කම, දුෂ්කර පළාත් වලින් තෝරාගත් සාමණේර ස්වාමින් වහන්සේලා සඳහා ඉගෙනීමට අවශ්‍ය පොත් සහ උසස් අධ්‍යාපනය සඳහා මුදල් ආධාර පිරිනැමීමේ පින්කම නවම් පොහෝ දින සවස 3.30 වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේදි පැවැත්වීමට මහරගම මහින්ද හිමියෝ කටයුතු යොදා ඇත.


මාතර ආරෝග්‍ය සේවා සංගමයේ 590 වන ගිලන් සංග්‍රහය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය පුන් පෝදා පස්වරු 03.30 මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ ‘සිත්සුව‘ ධර්ම පත්‍රිකා බෙදාදීම සිදුකෙරේ.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]