UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙමටමල් විහාර පුරාණ චෛත්‍යය සංවර්ධන කටයුතු ඇරැඹේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව රජය මගින් ක්‍රියාත්මක කර තිබෙන ඓතිහාසික පූජා භුමි හා පුරාවිද්‍යාත්මක ස්ථාන සංවර්ධන වැඩසටහනට නව ජීවයක් ලබා දෙමින් මෙරට ජාතික උරුමයන් සුරක්ෂිත කිරීමටත් හා පුරාවිද්‍යාත්මක ස්මාරක ඇතුළු පූජා භූමි විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කොට සංවර්ධනය කිරිමටත් තම අමාත්‍යාංශය මේ වන විට පිටවර ගෙන තිබෙන බව ජාතික උරුමයන් පිළිඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඓතිහාසික අනුරාධපුර යුගයට අයත් පූජා භූමි හා පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නොච්චියාගම අඩම්පනේ දෙමටමල් විහාර පුරාණ චෛත්‍යය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ මහෝත්සවය පසුගියදා අඩම්පනේ දෙමටමල් විහාර පුරාණ රජමහා විහාරයේදී සිදු කෙරුණු අවස්ථාවේදීය.

ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වන ආකාරයට අඩම්පනේ දෙමටමල් විහාර පුරාණ චෛත්‍යය දෙවන පෑතිස් රජු සමයේ ඉදිවූවක් ලෙස සැලකේ. අඩි 75 පමණ උස දැවැන්ත මනරම් ගල් තලාවක් මත ඉදිකර ඇති නටබුන්ව පවතින දාගැබ අඩි 25 ක විශ්කම්භයකින් යුක්තය.

ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට ශ්‍රී මහාබෝධින් වහන්සේ වැඩම කළ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සිහිවීම පිණිස ඉදිකරන ලදැයි සැලකෙන ථූපාරාමයට අවශ්‍ය වූ නිධන් වස්තු දඹදිවෙන් වැඩම කොට එහි තැන්පත් කිරීමෙන් අනතුරුව ඉතිරි වූ නිධන් වස්තු මෙම දාගැබෙහි තැන්පත් කර තිබේ.

මෙම විහාර භුමියේ කටාරම් කෙටූ ගල්ලෙන්, දිය නොසි‍ෙඳන ගල් පොකුණක්, සිරිපතුල් ගලක් හා සෙල්ලිපියක් ද දැකිය හැකිය.

මෙම පූජා භූමි සංවර්ධන වැඩසටහන හා චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් සිදු කෙරෙන අතර එම සද්කාර්යය අඩම්පනේ දෙමටමල් විහාර පුරාණ රජමහා විහාරාධිපති අනුරාධපුර සාම විහාරාධිපති සේවා කීර්ති සාමශූරී මහ විලච්චියේ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි දෙමටමල් විහාර පුරාණ රජ මහා විහාරස්ථ පේරුවේ දායක සභාවේ ධන පරිත්‍යාගයෙන් සිදුවේ.

එම අවස්ථාවට අනුරාධපුර සාම විහාරාධිපති මහවිලච්චියේ විමල නාහිමියන් ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, අනුරාධපුර චින්තක සමූහ ව්‍යාපාරයේ සභාපති ඥානසේන ගෝනපීනුවල, දෙමටමල් විහාර චෛත්‍යය සංවර්ධන සමිතියේ සභාපති පී.එල්. හේමකුමාර යන මහත්වරු ඇතුළු සැදැහැවතුන් පිරිසක් ද සහභාගි වූහ.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]