UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙරේ වාර්ෂික මහා පින්කම් මාලාව

රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේට කොත් වහන්සේ පැළැන්දූ ඒ උතුම් දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අළුත්වැවේ සෝරත නාහිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි, කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 41 වන වරටත් පෙබරවාරි මස 26 – 27 යන දිනවල කිරි වෙහෙර අබියස දී අලංකාරයෙන් පැවැත්වේ.

26 වනදා අලුයම කැප්පෙටිපොල සිට කතරගම කිරි වෙහෙර අබියසට ගොස්, එදින සවස අෂ්ඨඵල මහා බෝධි පූජාව, මහා පහන් ආලෝක පූජාව, සර්ව රාත්‍රික පිරිත් ධර්ම දේශනාවක් ද, භක්ති හේවිසි පූජාව ද පවත්වා 27 වන දින හීල් දානය, දවල් දානය පිළිගැන්වීම, ඊශ්වර ශ්‍රී ස්කන්ධ කුමාර, ශ්‍රී ගණදෙවි, දැඩිමුණ්ඩ, පත්තිනි යන දෙවිවරු උදෙසා මුළුතැන් පූජාවක් ද පැවැත්වීම සිදුකරන අතර එම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත්වී වදාළ නා හිමිපාණන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීම ද ආරක්ෂක අංශයේ සැමට ආසිරි පැතීම ද මියගිය සියලුම දෙනාට පින් දීම ද ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද අතිගරු ජනාධිපතිතුමාට, ලක් රජයට, ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීම ද එම පින්කමට ඇතුළත් වේ.

පෙබරවාරි 26 දා රාත්‍රී පිරිත් ධර්ම දේශනාව 98.4 ඌව ජ්ර්නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

පින්කම් මාලාව කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලයේ ප්‍රධාන සංවිධායක සාම විනිසුරු එන්.ඒ. කරුණාරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සංවිධානය කර ඇත.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]