Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අරුණාරාමයෙන් දහම් ඉගෙනුමට අත

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි දහම් පාසලක ඉගෙනුම ලබන දරුවන් සඳහා අභ්‍යාස පොත් පිරිනැමීමට කඩුවෙල කොරතොට අරුණාරාමය ශීලමාතාශ්‍රමයේ සිල් මාතාවෝ සහ දායක දායිකාවෝ කටයුතු කරගෙන යති.

මේ අනුව අනුරාධපුර ගල්කුලම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තලගුරු රජ මහා විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ධම්මදින්න දහම් පාසලේ දරුවන් සඳහා අභ්‍යාස පොත් සහ පෑන් පිරිනැමෙනු ඇත.

කොරතොට අරුණාරාමය ශීලමාතාශ්‍රමයේ අධිපතිණි පඬුවස්නුවර භද්‍රා ගෝතමී ප්‍රධාන සිල් මාතාව ඇතුළු සිල් මාතාවන් සහ දායක දායිකාවන් විසින් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබේ.

කොරතොට අරුණාරාමය ශීලමාතාශ්‍රමයේ පැවැත්වෙන භාවනා වැඩසටහනේ විශේෂ අංගයක් ලෙස මෙම දානමය පුණ්‍යකර්මය සංවිධානය කැරේ. පෙබරවාරි මස 20 වැනි දා (ඉරුදින) පෙරවරුවේ ඓතිහාසික තලගුරු රජ මහා විහාරස්ථානයේ දී භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් විහාරාධිකාරී මහනෙළුබෑවේ රතනසාර හිමියන් වෙත මෙම පරිත්‍යාගය භාරදෙනු ඇත.

අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී මෙම පොත් සහ පෑන් දහම් පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙත පිරිනැමීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.