Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොරපනේ කොණ්ඩඤ්ඤ හිමියෝ ප්‍රාථමික අංශයේ ගද්‍ය රචනා තරගයෙන් පළමු තැනට

සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගයේ ප්‍රාථමික අංශයේ සිංහල ගද්‍ය රචනා තරගයේ ප්‍රථම ස්ථානය මිද්දෙණිය පුරාණ මහා විහාරස්ථ ශ්‍රී. සුමංගල පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන දොරපනේ කොණ්ඩඤ්ඤ හිමියන් හිමි කර ගන්නා ලදී. 2005 නොවැම්බර් 12 වන දින පැවිදි වූ මෙම හිමියන් සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි යන භාෂා හැකියාවන්ගෙන් හා විෂය දක්‍ෂතාවන්ගෙන් යුක්ත හිමිනමක් මෙන්ම, ශාසනික කටයුතුවලද ඉතා ඕනෑකමින් නියැලී සිටින හිමි නමක් ද වන්නේ ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.