Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාව

දෙදහස් හයසියය සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට ගෙන විමුක්ති ආධ්‍යාත්මික පදනම විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.

22 වන වරටත් සංවිධානය කර ඇති එම පින්කම් මාලාව මාර්තු මස 10 සිට 13 වනදා දක්වා අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වේ.

ශීල සමාදාන, විශේෂ ධර්ම දේශනා, සත්බුද්ධ පූජා, භාවනා, සංඝගත දක්ෂිණා, ප්‍රදීපා ලෝක පූජා කප්රුක්, චීවර, අටපිරිකර, නෙළුම් මල් පූජා, සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා මෙම පින්කමට සමගාමීව රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වේ.

රාජගිරිය පට්ඨාන විහාරාධිපති මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමියෝ සත්බුද්ධ පූජාව පවත්වන අතර අනුරාධපුර කුරුන්දකුලම මිහිදු ආරණ්‍ය සේනාධිපති ගල්පාත සුමන හිමියෝ විශේෂ ධර්මදේශනය පවත්වනු ලබයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.