Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මලියදේවයේ ඕල්කට් ගුණ සමරුව

ශ්‍රීමත් හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා ප්‍රමුඛ බෞද්ධ බැතිමතුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද පරම විඥානාර්ථ බෞද්ධ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ බෞද්ධ විද්‍යාල අතරින් කුරුණෑගල මලියදේව විද්‍යාලයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. සෑම වසරකම පෙබරවාරි මාසයේදී හෙන්රි ස්ටිල් ඕල්කට් ශ්‍රීමතාණන් අනුස්මරණය කිරීමේ පින්කම් සිදු කරන අතර, මෙවරත් පෙබරවාරි මස 25 දින විද්‍යාලයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් පවත්වා 26 වැනි දින අර්ධශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනමා පින් අනුමෝදන් කිරීමට සැළසුම් කර ඇත.

මලියදේව විද්‍යාලයේ ධර්මාචාර්ය හුණුපොළගම ධම්මරක්ඛිත හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විදුහල්පති ආර්.එම්.සී.ජී.කේ රත්නායක මහතාගේ සංවිධායකත්වයෙන් ද ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපිය සංසදය, ආදිශිෂ්‍ය සංගමයද ආදිශිෂ්‍ය සුභසාධක සංගමය හා විශ්‍රාමික ගුරු සංගමය සාමූහික අනුග්‍රහයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කිරීමට නියමිතය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.