Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පරිත්‍යාගශීලී හිමි නමක් වකුගඩු සැත්කමට ආධාර පතයි

රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, 179 ඒ, ගල්ඉන්න ග්‍රාම නිලධාරී වසමේ, 153 සී, ශ්‍රී කබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින බලංගොඩ බුද්ධරක්ඛිත හිමියන් විසින් මීට පෙර රෝගාතුරව සිටි, රෝගියකු සුවපත් කිරීම සඳහා සිය වකුගඩුවක් දන් දී ඇති හිමි නමක් වේ. විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් අනිත් වකුගඩුව නරක්වීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව පවසයි. ඒ සඳහා මුදලක් අවශ්‍ය බව සඳහන් කර තිබේ. වකුගඩුව පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී සිටින්නේ කුරුවිට නඩුකාරදෙණියේ ආරාමවාසී සුදාර්ථ සිල් මාතාවයි. සැත්කම සඳහා දින දී ඇත්තේ 2011 දෙසැම්බර් මස 19 වන දින බවද සඳහන් කරයි. අවශ්‍ය මුදලින් රු. 500,000/ ක මුදලක් ලැබී ඇති අතර ඉතිරි මුදල රු. 250,000/- සොයා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලීමක් කැරේ. මුදල් ආධාර ලබාදීම සඳහා විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ කරන බලංගොඩ බුද්ධරක්ඛිත හිමි, ලංකා බැංකුව පැල්මඩුල්ල ශාඛාවේ ගිණුම් අංක 4387909 ට බැර කර සවස 6.00 න් පසු දැනුම් දෙන්නැයි ද ඉල්ලීමක් කැරේ. (මුදලින් ආධාර කිරීමට අපහසු නම් ද්‍රව්‍යමය වශයෙන් ලබා දිය හැක) දුරකථන : 075 – 5970322 වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.