Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ජන්ම සමරුව දා පින්කම් රැසක්

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති , කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් මාලාවක් මෙම 20 වනදා පැවැත්වේ.

20 වනදා කිරිබත්ගොඩ රෝහලේ නේවාසික රෝගීන් සඳහා ගිලන් සංග්‍රහයක්ද උඩුපිල වෑබඩ වැඩිහිටි නිවාසයේදී දිවා ආහාරය පිරිනැමීමද ආබාධිත අය සඳහා රෝද පුටු ආදි ආබාධිත උපකරණ විද්‍යාලංකාර පිරිවනේ දී පිරිනැමීමද සවස බෝධි පූජාවක්ද පැවැත්වේ.

විද්‍යාලංකාර පිරිවෙනේ දායක දායිකාවන්ගේ සහ විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍ය හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් එම පින්කම් මාලාව සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.