Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගංගාරාමයේ නවම් පෙරහර 16 - 17 දිනවල දී

කොළඹ නවම් මහා පෙරහර මෙම මස 16 –17 දිනවල රාත්‍රී 7 ට පැවැත්වේ.

පෙරහර මාවතේ පෙළ ගැසෙන පෙරහර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, ශ්‍රී ජිනරතන පාර, එම්පයර් වටරවුම, නැවත ශ්‍රී ජිනරතන පාර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, ශ්‍රී උත්තරානන්ද මාවත, පෙරහර මාවත, ඔස්සේ ගංගාරාමයට සම්ප්‍රාප්ත වේ.

ආධාර චෙක්පත් හෝ මනිඕඩර් මගින් ශ්‍රී ජිනරතන භික්‍ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව නමට ලියා රේඛනය කර යැවිය හැකි අතර තැපැල් කාර්යාලය කොල්ලුපිටිය වේ.

මෙවර උතුරු නැගෙනහිර සහ අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල ජල ගැල්මෙන් විපතට පත්වූවන් සඳහා 2011 පෙබරවාරි 16 –17 දිනවල පවත්වන නවම් මහා පෙරහරට දායක දායිකා පිරිස සහ පරිත්‍යාගශීලින් විසින් පිරිනමන ලද ආධාරයෙන් කොටසක් වෙන් කිරීමට සංවිධානය තීරණය කර ඇත.

පෙරහර සිරිත් පරිදි පැවැත්වේ.

ගංගාරාමය, 61 ශ්‍රී ජිනරතන පාර කොළඹ 02 .දුරකතන අංක 2327084 සහ 2435169 වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.